හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය තෙවන වසරට පා තබයි! හන්තාන ලිනක්ස් 17 (සිතිජ) නිකුතුව දැන් ලබා ගන්න!

මුල් ලිපිය: http://blog.hanthana.org/2012/09/16/hanthana-linux-17-sithija-released/

 

නිදහස් සහ විවෘත කේත මෘදුකාංග මෙරට ජනතාව අතර ප්‍රචලිත කිරීමට විශේෂයෙන්ම තාක්ෂණික දැනුම අවම සහ අන්තර්ජාල පහසුකම් නැති හෝ අවම පිරිස් ඉලක්ක කරගනිමින් දියත් කෙරුණු මෙම ව්‍යාපෘතිය මේ වන විට ලංකාව පුරා පාසල් බෝහෝමයක සහ පුද්ගලික පරිගණක මෙන්ම රාජ්‍ය අංශය තුළද දැන් හන්තාන ලිනක්ස් භාවිතයට පටන්ගෙන ඇත.

2009 සැප්තැම්බර් මස 19 දින නිලවශයෙන් දියත් කෙරුණු හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මේ වන විට හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය මඟින් සහ විවිධ පුද්ගලයින් විසින් පිටපත් දහස් ගණනක් බෙදා දී ඇත. තවද හන්තාන ලබා ගැනීමට පහසුකම් සලසා ඇති එක් සේවාවක් වන SourceForge අඩවියේ දත්ත අනුව එම සේවාදායකයා හරහා පමණක් ලොව වටා විටින 6000කට ආසන්න පිරිසක් ලබා ගෙන ඇති අතර ඉන් රටවල් 8 (ලංකාව හැර) අවම වශයෙන් පිටපත් 100ක් ලබාගෙන ඇති අතර රටවල් 96කින් පමණ අවම වශයෙන් එක් පිටපතක් වත් ලබාගෙන ඇති බව එම දත්ත තහවුරු කරයි.

http://sourceforge.net/projects/hanthana/files/stats/timeline?dates=2009-09-01+to+2012-12-31

මෙම තොරතුරු සඳහා ශ්‍රී ලංකිකයෙන් බහුලව භාවිත කරන LEARN සේවාදයක සහ Ibiblio සේවාදායක තොරතුරු අඩංගු නොවන බවද කරුණාවෙන් සලකන්න.

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය 2012 වසරේ දියත් කළ හන්තාන පාසල් ලැබ් ව්‍යාපෘතිය හරහා ලබා දෙන සේවා දැනට පාසල් දෙකකට ලබා දී ඇති අතර ඉදිරියේදි තවත් පාසල් කිහිපයකට ලබා දීමට නියමිතයි.

නුවර එළිය දිස්ත්‍රික්කයෙ වලපනෙ අධ්‍යාපන කලාපය සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබැතිගොල්ලැව අධ්‍යාපන කලාපයට අයත් පාසල් ද මෙම වැඩසටහනේ මීළඟ අදියරට අයත් වේ. පහසුකම් අවම පාසලකට දරුවන්ට පරිගණක දැණුම දෙන්න එක්වෙන්න ඔබටත් පුලුවන්.

හන්තාන ලිනක්ස් හුදෙක් Fedora මෙහෙයුම් පද්ධතිය මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියක් නොව එය ව්‍යාපෘතියක් ලෙස සාමාන්‍ය පරිගණක භාවිත කරන්නන් නිදහස් සහ විවෘත මෘදුකාංග භාවිතයට සහ යළි නිදහස් සහ විවෘත මෘදුකාංග ව්‍යාපෘති සඳහා දායකත්වය ලබා දීමට අවකාශ සලසයි. එලෙස ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන හන්තාන ලිනක්ස් ව්‍යපෘතිය මඟින් නිදහස් සහ විවෘත කේත මෘදුකාංග දේශීය කරණය, ප්‍රලේඛණය ගොඩ නැංවීම, දැණුවත් කිරීමෙ සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම ද සිදුවේ.

හන්තාන ලිනක්ස් යනු ව්‍යාපාරික අරමුණු ඉලක්ක කරගෙන සිදුකෙරෙන ව්‍යාපෘතියක් නොව හුදෙක් ප්‍රජාවේ යහපත වෙනුවෙන් ප්‍රජාව විසින් ගොඩ නැගෙන ව්‍යාපෘතිය

හන්තාන ලිනක්ස් 17 (සිතිජ) නිකුත් වේ!

හන්තාන ලිනක්ස් නවතම නිකුතුව වන හන්තාන ලිනක්ස් 17 ( නිකුතුව ව්‍යාපෘතියෙ තෙවන වාර්ශ පූර්ණයට සමගාමීව නිකුත් විය. මෙම නවතන නිකුතුව සමඟ the Document Foundation මඟින් නිකුත් කර ඇති LibreOffice කාර්යයාලීය යෙදුම් කට්ටලයට අදාල නිළ ප්‍රලේඛණය එක් කර ඇත.

ඔබත් අදම හන්තාන ලිනක්ස් 17 ලබා ගන්න!

පසුගිය කාලය තුළ හන්තාන වෙනුවෙන් විවිධ අයුරින් කැපවූ ඔබටත් හන්තාන වෙනුවෙන් සුභ පැතු සියල්ලන්ටම හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ හෘදයාංග ස්තුතියිය පුදකර සිටින්නෙමු.


එක්වන්න…සෙනෙහසේ අරුණැල්ල සමග

ජාතියක, දේශයක ප්‍රගමනය, සංවර්ධනය උදෙසා තබනු ලබන ප්‍රථම පියවර වනුයේ එම රටවැසියන්ගේ චිත්ත සන්තානයේ, සිතුම් පැතුම් සමුදායේ ඇතිවන්නා වූ සුභවාදි පරිවර්තනයි.දැනුම පුපුරා යන තාක්ෂණික ලෝකයක ඒ දැනුමෙන් මිනිසුන් හුදෙකලා කෙරුණු කුරිරැ යුද්ධයක අපමණ සාහසිකකම්වලින් ඉරිතැලුණු මේ ලක් දෙරණේ අපේම සහෝදරයන්ගේ ජීවිතවලට සාහිත්‍යයේ ගුණ සුවද ලගා කරමින්,මිනිසත් කමේ ගුණ උණුහුම හදුනන ආදරණීය මතු පරපුරක් බිහි කරන්නට සෙනෙහසේ අරුණැල්ල….

අහස පුරා සැරිසරන කුරුල්ලන් විදින නිදහස, කොලපාට යායෙන් ඔබ්බෙහි ඇති නිල් පාට කදු පන්තියේ සැගවී ගිය මල් ගොමුවක සුන්දරත්වය, ඒ මල් වටේ මුකුළු වන මී මැස්සන්ගේ ගුම් ගුම් නාදය විදිනවා වෙනුවට, තුවක්කුවකුත් කරේ එල්ලගෙන ජීවිතේ විදවන්න සිද්ද කළ රුදුරු ත්‍රස්තවාදය නිමා කරමින් සාමයේ හිරු කිරණ වැව් බැඳි රාජ්ජයට, දිගාමඩුල්ලේ ඉන්න අහිංසක දරු පැටවුන්ටත් වැටිලා තියෙනවා. නමුත් තවමත් ලෝකය ගැන ප්‍රචණ්ඩත්වයෙන්, සාහසික ඇහැකින් බලන්න පුරුදු කරපු මේ ළමයි, ඊට හාත්පසින් වෙනස්, සෞම්‍ය සිනාවෙන් පිරුණු, මනුස්සකම උතුරන ලෝකයක් ඇති බව දන්නෙවත් නැතුව ඇති…. සිදාදියේ ගාමන්ට් එකක දණහිස් පොල්කටු දෙක ගෙවෙනකන් මැෂින් පාගන්න, ලොකු බංගලාවක සිකුරිටි කමක් ගන්න ඇරුණම වෙන ජීවිත උරුමයක් ඔවුන්ට ඇති බව ඔවුන් නොදන්නවා වෙන්න ඇති ……

කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කාපු මේ ජීවිත, දුක්ඛ දෝමනස්සයන් එක්කම සැඟවෙන්න්න ඕනෙද? මාර්ටින් වික්‍රමසිංහල, ජයන්ත ධනපාලලා වෙන්න ඕන අය අහස දිහා බලාගෙන හුල්ල හූල්ල බලාගෙන ඉන්න ඕනෙද???

ලෝකෙ කොහෙවත් නැති, අනුන්ගේ කදුලක පිරුණු වේදනාව දැනෙන, උණුවන හදවත් ඇති අපේ රටේ මිනිස්සුන්ගේ කරුණාව මේ මිනිස්සුන්ට ලබා දෙන්න පුළුවන් අවස්ථාව උදා වෙලා තියෙනවා. එදා වේල පිරිමහ ගන්න කෑමක් බීමක්‌ දෙනවට වඩා හැමදාම එකම තැන පල්වෙන ඒ ජීවිත වල වෙනසක් කරන්න පුළුවන් වෙන්නේ පානම්පත්තුව දක්වා ඈතට විහිදෙන ඒ ගම්වල අහිංසක දරු පැටවුන්ගේ හදවත ශක්තිමත් කළොත් විතරයි….ලෝකෙ වෙනස් කරන්න පුළුවන් අපුර්ව ශක්තියක් තමන් තුළම සැගවී තියෙන බවත්, බුද්ධිය හා දැනුමට විශාල වටිනාකමක් ඇති බවත්, දඩු වැටෙන් ඔබ්බෙහි ඇති මහා ලෝකය ජය ගන්න මේවා යොදා ගන්න පුළුවන් බවත් මොවුන්ට වටහල දෙන්න පුළුවන් නම්….. තාරුණ්‍යය කියන්නේ තුවක්කුවක් අරගෙන හතරවටේට වෙඩි තියන එකවත්, නැති වුන පෙම්වතිය වෙනුවෙන් කෘමිනාශක බොන එකවත්, TV එකේ හරි Fm නාලිකාවක හරි කියන එක රැයෙන් ප්‍රසිද්ධ උන සුපිරි තරුවක් වීමවත් නොවෙයි, ලෝකෙට ලොකු දෙයක්, වෙනසක් කරන්න පුළුවන් වගකීමක් ඇති ජීවිතයක් කියල ඔවුන්ට ඒත්තු ගන්නවන්න පුළුවන් නම්…..

ඔය කියන ජීවිත අවබෝධය, ඔවුන් තුල සැගවුණු මහා ශක්තිය අවදි කරන්න පුළුවන් පොත පතට විතරයි. මවු කිරේ රසය ඇති වෙච්ච කථාව, පීදෙන ගොයමක මුහු වෙච්ච දහදිය සුවද, හදවත හා ආත්මයේ ඇති අමිල බව, ඔවුන්ට ඒත්තු ගන්වන්න පුළුවන් සාහිත්‍යයට විතරයි. මේ වටිනාකම ඔවුන්ට වටහල දීල ඔවුන් කියවන්න ඇබ්බැහි කරන්න පුලුවන්නම්…

එත්……කියවන්න පොත් ඕනෙ,පුස්තකාලයක් තියෙන්න ඕනෙ,පුරුද්දක් නැති නිසා පොඩි අභිප්‍රේරණයක්, මඟපෙන්වීමක් ඕනෙ…කියවන්න, කියවන්න දිරිමත් කරන්න ඕනෙ…මේ දේවල් සාර්ථක උනොත් අපේ රටේ හෙට දවස ගැන සැකයක් නැහැ..මොකද, මහා පොලොවේ පන්නරය ලබන ඔවුන් පොත්පත්වල අපුර්වත්වය දැක, දැනුමින් පොහොසත්ව පිරිච්ච මිනිසුන් උනොතින් අනිවාර්යෙන්ම අපිට ලැබෙන්නේ ලෝකයේ හොදම මානව සම්පතයි….

ඉතින් මේ අරමුණ වෙනුවෙන් තමයි සෙනහසේ අරුණැල්ල කැපවෙන්නෙ….තරුණයන් පිරිසක් එකතු වෙලා නිර්මාණය කරපු සංකල්පයක් තමයි සෙනහසේ අරුණැල්ල කියන්නේ …ඇත්තටම ඔවුන්ට තියෙන්නේ අධිශ්ටානය විතරයි. එත් හෙට දවස වෙනුවෙන් තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ යුතුකම කොහොමහරි ඉටු කරන්න කැපවෙන්න ඔවුන් අදිටන් කළා…. ඒ අරමුණ යථාර්තයක් කරන්න පුළුවන් සැබෑ මිනිසුන් වෙච්ච ඔබට විතරයි….මොකද සෙනහසේ අරුණැල්ල කියන්නේ එක කොටසයකට අයිති දෙයක් නොවන නිසා…

උපන් බිමට මනුෂත්වයට ආදරේ කරන කාගේත් දෙයක් “සෙනහසේ අරුණැල්ල “.අනිත් අයගේ අඩුපාඩු හොයා හොයා ඒවාට බැන බැන සාප නොකර හෙට රට වෙනුවෙන් පොඩි හරි දෙයක් කරන්න ඔබත් කැමති නම් “සෙනහසේ අරුණැල්ල ” වෙනුවෙන් ඔබත් එකතු වන්න…

පෙර දවසක කියවා රස විදපු, ඔබේ ජීවිතයේ වෙනසක් ඇති කරපු, හොද තත්වයේ තිබෙන ළමා කෙටිකථා, ප්‍රබන්ධ, පරිවර්ථන, චරිතකථා ඉතිහාස පොත් ආදිය අපට දෙන්න…ඒ පොත් හෙට දවසේ දී තවත් ජීවිත ගණනාවක පරිවර්තනයක් ඇති කරාවි. සෙනහසේ අරුණැල්ලට ඔබේ සහය නැතිනම් එය යථාර්තයක් වෙන්න නෑ. අපේ රටේ ඉන්න මනුස්සකමට ආදරය කරන ඔබ ගැන විශ්වාසයෙන් තමයි අපි ව්‍යාපෘතිය ආරම්භ කලේ….ඔබ ලබාදෙන පොත් නිසි පරිදි බෙදා දීල ඒ ළමයින්ට කියවීමට පෙලබවීමක් ඇති කරන්න අපි සුදානම්..

ඉතින්…කැමති නම් ඔබේ ආයතනයේ, පාසලේ, පන්සලේ, ගමේ, පවුලේ මිතුරන් මේ කටයුත්තට එක් කර ගන්න ඔබ පෙරමුණ ගන්න,,,අහිංසක ජීවිත වෙනුවෙන් ඒ දෙය මහා පිනක් වේවි.පොත් වලට කාලගුණ සැලකීමක් වේවි.ඔබටත් ඔබේ දරුවන්ටත් මහා ආශීර්වාදයක් වේවි…..ඉතින් ….මේ සෙනෙහෙබර ඇරයුම අප හා එක් වන්න.ඔබ කව්රු උනත් ඔබට මේ වෙනුවෙන් පුංචි හරි උදව්වක් කරන්න පුලුවන්නම් ඒ දෙය අපිට ලොකු හයියියක්‌ වේවි……සැබවින්ම ඔබ අපිට විශ්වාසයි….

තමන් ලැබූ දිවි පෙවතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකලොත් නුබෙන්පුතේ
මෙලොවට කිසි එලක් නැතේ

වැඩි විස්තර සදහා 

senahasearunella@gmail.com

අමතන්න..

අමිල 0716315399
නවින්ද 0714476276


2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව | පසුවිපරම ;-)

තිරය ඇරෙනවා තිරය වැහෙනවා, හැටි එහෙමය. 🙂

මෙය ලියන්නට සිටියේ ඊයේ සවස වුවත් ලියන්නේ දැන්ය. එහෙත් ඊයේ සවස ලිවුවේයැයි සලකා කියවීම වඩාත් උචිත විය හැක. පළ කරන්නේ කවදාද යන්න පිළිබඳ අදහසක් නැත. ලියන්නට යන්නේ හමුව අතරතුර, හමුවෙන් පසුව සිදු වූ සහ සිදුවන්නට ඇතැයි සිතෙන දේවල් ගැනය. තොරතුරු ඇහිඳ ගත්තේ තැන් තැන් වලින්ය.

අපි නැවත ආවේ දුම්රියෙනි. වෙනදා අම්බලන්ගොඩින් බහින ඩැනියා අද බැස්සේ ගාල්ලෙනි. තාරක අම්බලන්ගොඩින් බැස වේදිකාව ඔස්සේ නැවත දුම්රිය මැදිරි කවුළුවක් වෙතට ඇදෙනු දුටුවෙමි, පරීක්ෂණ කටයුතු තවමත් අවසන් නැත. කෙසේ වෙතත් මේ අවස්ථාව වන විට ඔහු ෆොන්ට් සෑදීමට ඉගෙනගනිමින් සිටීමට බොහෝදුරට ඉඩ ඇත. ගාල්ලෙන් බට බනියාට සිදුවූවේ අකරතැබ්බයකි. කොළඹ කොටුව සිට ගාල්ල වෙනුවට බනියාගේ සාක්කුවේ තිබුණේ කොළඹ කොටුව අම්බලන්ගොඩ ප්‍රවේශ පත්‍රයකි. කරන්නට දෙයක් නැත. නියමිත මාර්ගය බයිපාස් කර පාලමෙන් එගොඩ වී බනියා සහ කල්හාර විසිර ගියෝය. වෙලාවට පොලිස් මාමලා සිටියේ නැත. වත් අක්කා සහ නගෝද බසයේ නැගී පිටවී යන්නට ඇත. යනකොට අප සමඟ ගිය ඉන්දරේ එනකොට අප සමඟ ආවේ නැත. කීවේ බෝඩිමට යන බවය. ඔහු මේවන විට ඔහුගේ බෝඩිම් සඟයා අතින් කැඩුනු ලැපේ යතුරු පුවරුව අලුත් වැඩියා කිරීමට උත්සහ කරනවා විය යුතුය.

මේ හමුවට යනගමන්. පින්තූරය ගත්තේ බනියාය. ඒ නිසා ඔහු ඡායාරූපයේ නැත. වදින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුණායි කියන්නේ මෙවැනි අවස්ථාවල වන්නට ඇත

දිවා ආහාරය අවසන සතුටු සාමීචියේදී මම මාරයා අසලටද වීමි. එච්චර අවුලක් නැත. ඡායාරූප වලට පෙනී සිටීම නම් මාරයාට මරණයට වඩා අන්ත වූවා සේය. අවසන ගොඩනැගිල්ලෙන් එළියට මාරයා ආවේද අප සමඟය. ඔහු මෝටර් සයිකලයේ නැගී ඉගිලී යනු දැක වත් අක්කා කීවේ ඔහු මෙවෙලේද පදම් වී ඇත්දැයි සැක සිතෙන බවය.

 

වම්පස කෙළවරේ මහත් අසරණව සිටින්නේ මාරයාය

හමුවට සානුවාද පැමිණ සිටියේය. ඔහුට හොඳට අත්පුඩි ගසන්නට හැක. මා ගෙදර විත් චැට් එකට ලොග් වූ විට ඔහු සිටියේය. දැන් සිටින්නේ කොහිදැයි ඇසූ විට කීවේ තාම ගෙදර යන බවයි. මා ගාල්ලේය. ඔහු කෝට්ටේය. කෝට්ටේ යනු ඩොටේ විය යුතුය. හර්ෂණ පැමිණ සිටියේ මෝටර් සයිකලයෙනි. මෝටර් සයිකලයෙන් කීවාට පල්සර් එකෙනි. එය චීන පල්සරයක් බව පසුව ආරංචි විය.

උස අනුව පෙළගැස්වීම

චයිනීස් පල්සර්

බ්ලොග්කරණයේ ප්‍රතිඵළ ගැන උදාහරණයක් ලෙස ලංකාවේ අන්තර්ජාල සපයන්නන් ලබාදෙන වේගය ගැන කතා කරද්දී මලින්ත හනිකට පැත්තකින් නමුත් සභාව ඉදිරියට වී සිට ගත්තේය. මූණු පොතේ පින්තූර අප්ලෝඩ් කිරීම හැර ඔහු ගැන කිසිම තොරතුරක් නැත. මේ ලිපිය සඳහා ඔහුගේ මූණුපොතේ ඇල්බමයකින් පින්තූර ගැනීමට අවසර ඉල්ලා මා යැවූ විද්‍යුත් ලිපියටද තවම පිළිතුරක් නැත. ඒවා එසේ විය යුතුය. පසුව නඩු දැම්මොත් මට යන්න වෙන්නේ නුවර උසාවිය. නුවර දුර වැඩිය. බාගවිට ඔහු සීනි කෙසෙල් ගෙඩියක රස බලමින් හෝ tea එකක් බොමින් හෝ සිටිනවා වීමටද හැක. තත්වය වඩාත් දරුණු නම් දුම්රියේ කාන්තාවකගේ ඡායාරූපයක් ගැනීමට ගොස් ගුටි කා හිරේ විලංගුවේ වැටී හෝ කැමරාවට ලෙන්ස් එකක් ලබා ගැනීමට කැමරාව උකස් කිරීමට ස්ථානයක් සොයමින් හෝ සිටිනවා විය හැක. කෙසේ වෙතත් ඔහු හිරේ විලංගුවේ වැටී ඇත්නම් jail sucks හෝ එවැනි දෙයක් ට්විටරයේ තිබිය යුතුය. නමුත් එවැන්නක් දැනට නැත.

ගයන්තව අවසන් වරට දුටුවේ කොටුව දුම්රිය ස්ථානයේදීය. හේ වේදිකාව දිගේ දුම්රිය දෙස බලමින් ගමන් කරමින් සිටියේ නැගීමට හැකි දොරක් වේදැයි බලමින් විය යුතුය. ඔහු දර්ශන පථයෙන් ඉවත් වී ගිය නිසා සහ ඔහුගේ දුම්රියට පෙර අප පිටත් වූ නිසා ඔහුට කුමක් සිදු වූවේදැනි නොදනිමි. ඔහු භාණ්ඩ දමන මැදිරියට හෝ පැන ගත්තා විය යුතුය.

 

බනියා GIMP දන්නා නිසා හොඳය. නැත්නම් දමන්නට වෙන්නේ ගයන්තගේ කොටස් වශයෙන් ගත් ඡාරාරූපය

අන්තර්ජාල සම්බන්ධතාවයද සීම සහිත හද්දා ඩොටේ (ඩැනියාට අනුව) දෙදෙනෙකුද හමුවට පැමිණීම ගැන සතුටුය. අප ආපසු යන විට එළියේ නතර කර තිබුණේ රෝද දෙක පමණක් නමුත් ට්‍රැවලින් බෑගයක්ද ඔවුන් සතු වී බව දැනට සනාථ වී ඇත. ඒ අනුව මොවුන් දෙදෙනා ආවෙ හමුවටමද නැතිනම් පැන යන අතර විඩා නිවා ගැනීම සඳහා ගොඩ වූවාද යන්න සැක සහිතය. ඒ හමුවද සිංහල බ්ලොග්කරණයේ ප්‍රතිඵලයක් බව කාලිංග අයියා සිතයි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා නැවත ගම රට බලා ගිය බවට ආරංචියක් නැත. ආවේ වෙන කවුරුත් නොව කුෂාන් අයියා සහ ෆා ද බ්ලෝගීය. මා වැරදීමකින් චැට් එකේ transmission line 1 course work එකක් ඉල්ලුවේ කුෂාන් අයියාගෙනි. ඔහුට එය මතකය.

 

තමාට ගැහැණු ළමයෙකු සිටියදී නැතැයි කීමෙන් මෙම තත්වය උදාවූ බව බහුතර මතය වේ. ප්‍රසිද්ධියේ නොකියා අපට පෞද්ගලිකච කීවේනම් තත්වය මෙතරම් දරුණු නොවනු ඇත. අපද මේවායින් ඉගෙනගත යුතුය.

දිවා ආහාරයෙන් පසු අත සෝදා එහාට මෙහාට වෙද්දී ශාලාවේ කණු අතර හැංගිමුත්තන් කරන කොළු ගැටවුන් දෙදෙනෙක් දක්නට ලැබුණි. ළං වී බලද්දී එකෙකු නම් අඳුනා ගත හැකි විය. ඒ බංදුල රණතුංග මහතාගේ පුතාය. එනෙකා ටිකක් දැක පුරුදුය. හැද සිටියේ SBU ටී ෂර්ටයකි. තවත් ළං වී බැලූ විට ඇඳින්නෙමි. ඒ සුදාය. හේ තවත් මිටි වී ඇත. දිවා ආහාරය සඳහාම පැමිණුනාදැයි සැක සිතූ නමුත් බාගවිට ඔහු ආරම්භයේ පටන් ශාලාවේ සිටින්නට ඇත. තිරයේ අලුත් මොනවත් නැතැයි කීවේ ඔහුය. එයද මෙහි කිවමනාය. ඊයේම (19) යමක් ලියන බව කීවත් ලියන්නේ අදය.

බුද්ධික කෙට්ටු වී ඇත. කීවේ ඩැනීය. හිනාව එදා වගේමය. හර්ෂදේව ආවේ තරමක් ප්‍රමාදවීය ඒද තනියමය. සින්දු කීවේද නැත. තිළිණ ආවේ enough එකෙන් විය යුතුය. නෝනාගේ ක්‍රීම් ගා සුදු වී ඇතැයි කට කතා පැතිරුණත් විශ්වාස කිරීම අසීරුය. සාමාන්‍යයෙන් හමේ ගාන ක්‍රීම් දත් වල ගාන්නේ නැත. ඒ කිව්වේ කාලිංග ගැනය. නමට අනූ කෑල්ලක් ඇති බව දනිමි. සංසදයේ භාණ්ඩාගාරිකය. ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් පනිනකන් අවුලක් නැත. පැන්න දාට ලෙඩේය. සල්ලි දී ඇත. රිසිට් නැත. එදාට අපි නැත.

 

කෙට්ටු යැයි කීවාට කෙට්ටුම නැත

;

කට්ටිය බලන් හිටියට මේ සින්දුවක් කියනවා නෙවේ

අසා සිටීම පමණි. වාර්තා තබා ගන්නා සෙයක් නොපෙනේ.

තව කිව යුතුම කෙනෙක් ඇත. ඒ වෙලාය. ඒ කිව්වේ නම “වෙලා”ය. අනුග්‍රහයට ස්තුති නොකර බැරිය. හොඳ දේට හොඳයි කිව යුතුය. මේ වචන මගේමය වෙන කාගෙවත් නොවේය. මම කල්ප පැතුම් වැලිවිටිගොඩ වෙමි.

 

"වෙලා"

මේ ඉන්නේ සෙට් එකය,

 

පින්තූරෙ ගත්තෙ හර්ෂදේව/වෙලා

අලුත් මුහුණු රාශියක් දක්නට ලැබීම සතුටට කරුණකි. මෙහි කියවුණේ බොහෝ සුළු පිරිසක් පිළිබඳ පමණි. පැමිණි පිරිස විශාලය. deeps ලා msg_malee ලා නැත. නැති අයගෙන් මතක් වෙන්නේම කාන්තාවයන්ය. ඒ ලොකෙ හැටිය.

මලින්තගෙන් තාම පිළිතුරක් නැත. කරන්නට දෙයක් නැත. ඔහුගේ පින්තූර දමන්නට සිදුවේ. නුවර, අවුලක් නැත. මේ දවස් වල නිවාඩුය.අවසන court sucks ය. අනෙත් පින්තූර බනියා සහ සුදාගේය. ඒවාට අවසර ඇත. තවත් බොහෝ පින්තූර මූණු පොතේ ඇත. මේ ලියන මොහොතේ මා එළවා තිබූ සිංඩියට නැවත එක් කළ ඉන්දරේටත් බ්ලොග් url සෙවීමට සහය වූ බනියාටත් තුති පුදකල යුතුමය.

ප.ලි: මෙහි සහ මුණු පොතේ මා විසින් පළ කර ඇති කමෙන්ට්, කියවන්නාගේ මුවඟ සිනහවක් රැදවීම පිණිස මිස කිසිවෙකු හෝ සමූහයකට අපහස කිරීමේ අරමුණින් පළ කරන ලද ඒවා නොවන බව කරුණාවෙන් සළකන්න.


Freshers’ Day 2010

කට්ටියට මතකද දන්නෑ අපේ 2009 Freshers’ Day එක. මතක නැත්නම් මෙතන බලන්නකො. එදා අපි තමයි Freshers ල. 🙂

අද අපි Level 2 (දැන් අපි අයියලනේ 😉 ). කියන්න හදන්නෙ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 2010 කණ්ඩායම වෙනුවෙන් 2009 කණ්ඩායම පවත්වපු Freshers’ Day එක එහෙම නැත්නම් නවකයින්ගේ දිනය ගැන. වැඩේ පැවැත්වුණේ ඊයෙ (4). ඊයෙ තමයි මේ බ්ලොග් පෝස්ට් එක ලියන්න හිටියෙ. ඒත් ඊයෙ නටල නටල නටල නටල නටල…. මහන්සි හින්ද වැඩේ අද උදේට කල් ගියා.  තනි දවසෙ වැඩේ වුණාට මොකද අපේ කස්ටිය දවස් තුනක් තිස්සෙම බරටම වැඩ. වැඩේ ලස්සනට තියෙන්න එපැයි.

Freshers’ Day එකෙන් අපි බලාපොරොත්තු වුණේ අලුත් කණ්ඩායමේ නංගිල මල්ලිලගෙ කලා හැකියාවන් අනිත් අයට ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් ලබා දෙන්න. සමහරු හිතන් ඉන්නෙ ඉංජිනේරුවො කියන්නෙ මෙලෝ රහක් නැති උන් කියලනේ. හිතන හැමදේම ඇත්ත නෙවේ.

වැඩේ පටන් ගත්තෙ දවල් 1ට, 1ට කිව්වට 1:45ට වගේ 😉 මේ අවස්ථාවට පීඨාධිපතිතුමන්, ප්‍රධාන ශිෂ්‍ය අනුශාසකතුම් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් සම්බන්ධ වුණා. මල්ලිල නංගිලගෙ ගීත ගායනා සහ පසුගියදා පැවති මැවිසුරු රඟ සොබා 2010 නාට්‍ය තරඟයේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන ලබාගත් නාට්‍ය ප්‍රදර්ශනයක කිරීම සිදු වුණා. සිංදු සහ නාට්‍ය නම් සිරා. මීට අමතරව ගිය අවුරුද්දෙ වගේම ගුරුවරුන්ට level 1නංගිල මල්ලිලගෙ උපහාර පිදීමත් මීට සමඟාමීව පැවැත්වුණු චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින්ට තෑගි ප්‍රධානය කිරීමත් සිදු වුණා.

ඊට පස්සෙ අවස්ථාව හම්බුණේ අපිට අපිට කිව්වෙ, Level 2 එකට. අපේ කස්ටියත් මැක්සා සින්දු ටිකක් කියල නාට්‍යකුත් කරා. අපේ නාට්‍ය කිව්වොත් ඉතිං හාල් තමයි. උගෙ නාට්‍ය නම් මැක්සා. මේ ඔක්කොම අතරෙ අපි ශාලාවෙ පිටිපස්සට වෙලා නටල, කෑගහල මැක්සා ෆන් එකක් ගත්තා. ආ කියන්න බැරි වුණා. අපි පැමිණ සිටින්නන්ට පොඩි සංග්‍රහයකුත් දුන්නා. කිරි පැකට් එකක්. නංගිල මල්ලිලට එක පැකට් එක ගානෙ අපේ උන්ට උපරිමය පැකට් භාගෙකට යටත්ව. එහෙම කිව්වට මොකද පැකට් දෙකක් බීපු අයයි නොබීපු අයයි ඉන්නත් ඇති 😉 මොකද අපිට කිරි පැකට් බෙදුවෙ අපිටම ආවෙණික ක්‍රමේකට, ගුවනේ පාවී 😉

අපි වගේම 2009 කණ්ඩායමත් Freshers’ Day 2010 තුළින් උපරිම වින්දනයක් අනිවාර්යෙන්ම ලබන්න ඇති. මොකද ගිය අවුරුද්දෙ අපිත් එහෙමයි. වැඩේ ලස්සනට කරා. කිසි අවුලක් නැතුව අවසාන කරා. අපි බලාපොරොත්තු වෙන්නෙ මේ නංගිලා මල්ලිල අපි කරාටත් වැඩිය හොඳ Freshers’ Day එකක් 2011 අවුරුද්දෙ කරයි කියල.

මේ ඇති දැන් ලේස්ති වෙන්න ඕන ලෙක්චැර්ස් යන්න. මම ගියා.


Empathy log

Empathy කියන්නෙ multi protocol chat client එකක්. chat client එකක් කියන්නෙ yahoo messenger, gtalk වගේ හැබැයි Empathy, multi protocol, ඒ කියන්නෙ yahoo, gmail සහ තවත් බොහෝ සේවාවල chat පහසුකම මේ හරහා භාවිතා කරන්න පුළුවන්. වැඩේ ලේසියි. එක වැඩසටහනයිනේ. මම මේකට මීට කලින් භාවිතා කලේ නම් Pidgin. Empathy ආව මුල් කාලෙ දාල බැලුවට ඒක එච්චර හිතට ඇල්ලුවෙ නැති නිසා Pidginම පාව්චිච් කරා. ළඟදි Fedora 13 අලුතින්ම දාපු වෙලාවෙ ඉදන් තමයි Empathy පූර්ණ කාලීනව පාවිච්චි කරන්න ගත්තෙ. දැන් Fedora වල පෙරනිමියෙන් එන්නෙ Empathy කලින් ආවෙ Pidgin. Empathy හොඳයි අවුලක් නෑ. Pidgin වල තියෙන සමහර කොටස් මේකෙ නෑ, අලුත් ඒවා තියෙනව. එහෙම වෙන්න එපැයි නේද?

කතා කරන්න ආවෙ ඒ ගැන නෙවේ. අද මට ඕන වුණා Empathy chat log එක බලන්න. මේවා තියෙන්නෙ ~/.local/share/Empahy/logs කියන තැන. ~ කිව්වෙ නිවාස බහාලුම (home folder). හැබැයි මේ log file බලන්න ටිකක් අමාරුයි. ඒ කිව්වෙ තොරතුරු වැඩියෙන් තියෙනව. අපිට ඕන ඒවා තෝරල බේරල ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා මම පොඩි python script එකක් ලිව්වා. මේක මම පරීක්ෂා කරල file වලටනම් හරිගියා. මොකක්හරි අවුලක් තියෙනවනම් හරි දියුණු කරන්න අදහසක් තියෙනවනම් comment එකක් දාන්න.


#!/usr/bin/python2.6
#
# W.H. Kalpa Pathum 
# 6th August, 2010
#
#	empathy_log.py
# This script formats a empathy log file in a more human readable way
# usage : empathy_log 
#

import re
import sys

msg_d = ''

def print_output(message_data):
	global msg_d

	# print the conversation date
	if msg_d != message_data[0]:
		msg_d = message_data[0]
		print 'Conversation with', message_data[2], 'on', msg_d

	print '('+ message_data[1]+ ')',  message_data[2], ':',  message_data[3]

def main(filename):
	f = open(filename, 'r')
	# read line by line and extract message details
	lines = f.readlines()

	for line in lines[3:-1]: # except first three lines and last line
		match = re.findall('^([\w\W]+)<', line)
		if match:

			for item in match:
				# format msg_d
				d=item[0][:4] + '-' + item[0][4:6] + '-' + item[0][6:]

				message_data = [d, item[1], item[2], item[3]]
				print_output(message_data)

		# if the pattern is not found, print the modified line
		else:
			print re.sub('<[/message][\w\W]*>', '', line),

	f.close()

if __name__ == '__main__':
	main(sys.argv[1])


මෙතනින් බාගන්න


Lab Sheet

අද මේක ඉවර කරමු හොඳේ
හ්ම්…. කෝ මේ අනිත් දෙන්නා
තාම civil ඉවර නෑ නේ
ආ මේ එන්නෙ
හරි වැඩේ පටන් ගමු නේ
අද උදේ test එක කොහොමද
පළවෙනි ප්‍රශ්ණෙ හරි power factor එක
………………………..
ප්‍රස්ථාර ටික ඇන්දද මචං
ඒකෙ පොඩි සීන් එකක් තියෙනව
………………………..
shape shape, back to the topic
………………………..
calculation එක වෙනම ලියන්න ඕන නේ
මේ හලෝ මේක කොහොමද එන්නෙ
මෙහෙමනේ
………………………..
අද badminton යන්නෙ නෑ
………………………..
මේකටනම් එදා එකක් කිව්වා දැන් මතක නෑ නේ
කරපු එකෙක් නැද්ද
………………………..
හරි මම පල්ලෙහාට ගිහින් අහගෙන එන්නම්
………………………..
ඔව් තාත්තෙ
හරි මම බලන්නම්
………………………..
හරි දැන් discussion එක
මේකටත් ඉතින් හැමදාම ලියන වයර් එකේ resistance එකයි voltmeter, ammeter වල දෝෂයි තමයි
ඒවා අන්තිමට ලියමු බං, පොඩ්ඩක් කල්පනා කරපන්කො
………………………..
5:20යි gavel යන්නත් ඕන
………………………..
හරි එහෙනම් ඔක්කොම හරිනේ
bookshop එකෙන් stepler කරමු
මේ හලෝ මගේ එකත් දෙනවද
………………………..
එහෙනම් මචං අපි ගියා

ඉතා කලාතුරකින් භාරදිය යුතු දිනට කලින්ද බොහෝ විට භාරදිය යුතු දිනයේමද ගොඩ උඩට සෙට් වෙන අපි lab sheet එක ලියන හැටි…..


nautilus සමඟ Dropbox

 

Dropbox ගැන හුඟක් දෙනෙක් දැනටමත් දන්නව ඇති. Dropbox කියන්නෙ තමන්ගෙ ගොනු සමමුහුර්ත කරන්න (sync) තිබෙන සේවාවක්. මේ සේවාව සමඟ වැඩ කරන්න එක් එක් මෙහෙයුම් පද්ධතියට සේවාලාභී යෙදුම් (client applications) ඉදිරිපත් කරල තියෙනව. Fedora වලටත් එහෙම යෙදුමක් තියෙනව. ඒක ස්ථාපනය කරාට පස්සෙ අපි කැමති නාමාවලියක් (directory) අපිට අපේ Dropbox නාමාවලිය කියල හඳුන්වන්න පුළුවන්. අපි ඒ නාමාවලියට පිටපත් කරන ඕනෑම දෙයක් Dropbox සේවාදායකව (server) සමඟ සමමුහුර්ත වෙනවා. මේ දේ සිදුවෙන්න ස්වයංක්‍රීයව. අපිට කරන්න තියෙන්නෙ අපිට සමමුහුර්ත කරන්න ඕන ගොනු හෝ නාමාවලි අර කලින් කියපු Dropbox නාමාවලියට පිටපත් කරන්න විතරයි.

ඒත් මෙතන පොඩි අවුලක් තියෙනව. අපි හිතමු අපි මොකක්හරි ලිපියක් සංස්කරණය කරමින් ඉන්නව කියල. අපිට ඒක සමමුහුර්ත වෙන්නත් ඕන. එතකොට කරන්න ඕන අර ගොනුව Dropbox නාමාවලියට පිටපත් කරල සංස්කරණය කරන එක. ඉතින් ඒක සමහර වෙලාවට අපේ පරිගණකයේ අපි ගොනු සහ නාමාවලි පෙළගස්වා තිබෙන විදියට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ documents වල තියෙන්න ඕන ලිපියක් Dropbox නාමාවලියෙ තියෙනකොට අවුල්නේ. මේකට Fedora (සහ බොහෝ විට අනෙක් linux පාදක මෙහෙයුම් පදධති) වලදි නම් අදාල ගොනුවේ හෝ නාමාවලියේ symbolic link එකක් හදල ඒක Dropbox නාමාවලියට පිටපත් කිරීම ප්‍රමාණවත්. ඒ කියන්නෙ අපේ ලිපිය තියෙන්නෙ අපිට තියෙන්න ඕන තැන (උදා documents) ඒත් අපි symbolic link එකක් හදල ඒක Dropbox නාමාවලියට පිටපත් කරල තියෙනව. ඒක නිසා ගොනුව සමමුහුර්ත වෙනවා. ඒ කියන්නෙ අපිට ඕන වැඩ දෙකම කෙරෙනව.

ඒත් මේ ක්‍රමයත් අපි ගොනු කීපයක් සමඟ වැඩ කරනකොට අපහසුයි. එක් එක් ගොනුවට symbolic links හදන්න ඕන, ඒවා පිටපත් කරන්න ඕන වැඩ ගොඩයි. ඒක නිසා මම මේක ටිකක් පහසු කරගන්න ලිව්වා script එකක්. මේක nautilus-script එකක්. nautilus කියන්නෙ GNOME වල file manager එක. GNOME කියන්නෙ desktop environment එකක්. nautilus-script කියන්නෙ nautilus හි ක්‍රියාකාරිත්වය වර්ධනය කරන්න තියෙන පොඩි විධානාවලියක්. පහත තියෙන්නෙ ඒ මම ලියපු script එක,

#!/bin/sh
#
# W.H. Kalpa Pathum <callkalpa@gmail.com>
# 1st June, 2010
#

# Dropbox directory
DROPBOX_DIR="$HOME/Dropbox/"

# creates a temporary file
file_list=$(mktemp)

# writes the URIs of the selected file to the temp file
echo $NAUTILUS_SCRIPT_SELECTED_URIS | sed 's/ \//\n/g' > $file_list

# iterete through the file list
for file in $(cat $file_list)
  do
    # extract the last filed from the URI, that is the file name
    filename="$(echo $file | awk -F'/' '{print $NF}' | sed 's/%20/ /g')"

    # creates the symbolic link
    ln -s "$(pwd)/$filename" "$DROPBOX_DIR$filename"

    # sets the emblem
    gvfs-set-attribute -t stringv "$filename" metadata::emblems default
    done

exit 0

දැන් කොහොමද මේක භාවිතා කරන්නෙ?

  1. පහත සබැඳියෙන් ගොනුව බාගත කරන්න
  2. gedit වැනි text editor එකකින් එම ගොනුව විවෘත කරන්න
  3. ගොනුවේ $HOME/Dropbox/ යන්න ඔබට අදාල ලෙස වෙනස් කර ගොනුව සුරකින්න (save) ($HOME කියන්නෙ ඔබගේ Home නාමාවලියේ පෙත (path))
  4. ගොනුව ~/.gnome2/nautilus-scripts/ ට පිටපත් කරන්න
  5. ගොනුවට ක්‍රියාත්මක කිරීමේ අවසර ලබාදෙන්න (execute permissions) ඒ සඳහා පහත විධාන ලබා දෙන්න
cd ~/.gnome2/nautilus-scripts
chmod +x <your file name>

දැන් ඔබ මේ script එක භාවිතා කිරීමට සූදානම්. කරන්න තියෙන්නෙ nautilus වලින් ඔබට සමමුහුර්ත කිරීමට අවශ්‍ය නාමාවලිය(නාමාවලි)/ගොනුව(ගොනු) අඩංගු නාමාවලිය විවෘත කරන්න. ඊට පස්සෙ සමමුහුර්ත කරන්න අවශ්‍ය ගොනු හෝ නාමාවලි එකක් හෝ කීපයක් තෝරා right click කර එන මෙනුවේ Scripts උප මෙනුවෙන් script එකේ නම තෝරන්න. මේකෙන් වෙන්නෙ අදාල තේරූ අයිතම වල symbolic link එකක් හැදිල ඒක Dropbox නාමාවලියට පිටපත් වෙන එක.

symbolic link එක හැදුනට පස්සෙ අදාල අයිතම වල අයිකනට පැත්තෙන් පොඩි කොළපාට හරි ලකුණක් වැටේවි. මේකට කියන්නෙ emblem එකක් කියල. නමුත් මේ සළකුණ දකින්නනම් ඔන nautilus refresh කරන්න ඕන. refresh නොකර මේ emblem එක පෙන්නන්න පුළුවන් විදියක් නම් මට හොයාගන්න බැරි වුණා.

එහෙනම් කට්ටියම මේක පාවිච්චි කරල බලල හොඳ නරක දෙකම කියන්න.

මෙතනින් බාගන්න

ප.ලි: මේ ගැන මම මුලින්ම දැන්මෙ මගේ ඉංග්‍රීසි බ්ලොග් එකේ. සිංහලෙන් ලියන්න හිතන් හිටියට වැඩ වැඩි වුණ නිසා ලියන්න බැරි වුණා. ඉතින් අපේ ගයාන් තාරකත් මගෙන් ඉල්ලීමක් කලා මේක සිංහලෙන් ලියන්න කියල. ඉතිං ඒ නිසා තමයි ලැබුණු සුළු විවේකයක මේ ලිපිය මේ විදියට ලියවුණේ.


ඡන්දෙ නිසා උදේ පාන්දර ලේ රත් වීම

අද උදේම ගියා ඡන්දෙ දාන්න, අම්මයි තාත්තයි එක්ක. ඡන්ද මධ්‍යස්ථානය ගාල්ල, හපුගල අපේගම ප්‍රජා ශාලාව. තාත්ත ඉදිරිපත් කරේ රියදුරු බලපත්‍රය (dual purpose). ඒක බලල එතන හිටපු මහත්මිය ඒක කල් ඉකුත් වෙලාද බලනවා. ඊට පස්සෙ උප ස්ථානාධිපති ඒක ස්ථානාධිපතිට ගිහින් දුන්න. ඒක බලල ඒ මිනිහා කියනව ඒක expire වෙලාලු. ඊට පස්සෙ තාත්තා කිව්වා මේක dual purpose license එකක්, ඒක නිසා මේක කොහොමද expire වෙන්නෙ කියල. ඒත් මේ මිනිහා කියනව මේක expire වෙලා, ඒක නිසා ඡන්දෙ දාන්න දෙන්න බැරිලු. ඊළඟට ඇහුවා NIC එක නැද්ද කියල. තාත්ත කිව්වා NIC එක නම් නෑ රාජකාරි හැඳුනුම්පත නම් තියෙනව කියල. රාජකාරි හැඳුනුම්පතෙන් ඡන්දෙ දාන්න දෙන්න බැරිලු. (ඒ අතරෙ මම ඡන්දෙ දාල එළියට ආවා, අම්මා තාම පෝළිමේ) ඒ පාර ස්ථානාධිපති එතන හිටපු මිනිස්සුන්ගෙන් (රාජකාරි සඳහා හිටපු) අහනව මෙයා ඡන්දෙ දානවට කවුරුවත් විරුද්ධද කියල. ඒ පාර තාත්තට කේන්ති ගියා.

තාත්තා : ඔබතුමා කොහොමද මට ඡන්දෙ දාන්නද එපාද කියල මේ මිනිස්සුන්ගෙන් අහන්නෙ, මේක මගේ ප්‍රජා අයිතියක්.

(තාත්ත ඊට පස්සෙ රියදුරු බලපත්‍රය බැලුවා)

තාත්තා : ඔබතුමා මට පෙන්නන්න මේකෙ කොහේද expire date එකක් තියෙන්නෙ කියල.

(ස්ථානාධිපති ඔහුගේ රියදුරු බලපත්‍රය පෙන්නන් හදනව)

ස්ථානාධිපති : මේ බලන්න…

තාත්තා : නෑ නෑ මට ඔයාගෙ එකෙන් වැඩක් නෑ. මෙතන ප්‍රශ්ණෙ තියෙන්නෙ මගේ license එකේනේ. ඔබතුමා මට පෙන්නන්න මේකෙ කොහේද expire date එකක් තියෙන්නෙ කියල.

ස්ථානාධිපති : සමාවෙන්න මහත්තය අපි අතින් වැරදීමක් වුණේ.

(license එකේ තියෙන්නෙ Date of issue)

ඊට පස්සෙ තාත්තා පාරටත් ඇහෙන්න අර මිනිහට බැන්න. එතන තව ඡන්ද දායකයො හිටිය, රාජකාරි සඳහා ආපු මිනිස්සු හිටියා, පොලිසියේ මහත්වරු හිටිය. තාත්තා අර මිනිහට බනින වෙලාවෙ ඒ කවුරුවත් මොනවත් කිව්වෙ නෑ. කියන්න බෑ නේ. වැරැද්ද අර මිනිහගෙනේ. මිනිස්සු අතින් වැරදි වෙනව ඒක ඇත්ත. ඒත් අර මිනිහා ස්ථිරවම කිව්වෙ licence එක expire වෙලා කිව්වා, එක පාරක් නෙවේ දෙපාරක්ම.

තාත්තා : ඔබතුමාට ඉංග්‍රීසි බැරිනම් ඉගෙනගෙන එන්න, සිංහල බැරිනම් සිංහලත් ඉගෙනගන්න, නැත්නම් මේ වාගේ රාජකාරි වලට නෑවිත් ඉන්න, ඔබතුමා උත්සහ කරේ මගේ ප්‍රජා අයිතියක් අහෝසි කරන්න.

ස්ථානාධිපති : නෑ මහත්තයො. මම කවදාවත් එහෙම කරන මිනිහෙක් නෙවේ. මම උත්සහ කරන්නෙ කොහොමහරි මිනිස්සුන්ට ඡන්දෙ දාන්න දෙන්න.

(ඒ උත්සාහය මම සියැසින් දැක්කෙමි. ඒ ගැන කතා අවශ්‍ය නැත.)

තාත්තා : කතා කරන්නෙපා. මට ඔබතුමාගෙ සම්පූර්ණ නමයි, රාජකාරි ලිපිනයයි, පුද්ගලික ලිපිනයයි දෙන්න

තාත්ත ඒ මිනිහගෙ විස්තර ඔක්කොම ඉල්ල ගත්ත. අපේ තාත්තත් 1989 ඉදන් මැතිවරණ රාජකාරි කරල තියෙනව. ඒක නිසා තාත්ත මැතිවරණය සම්බන්ධ නීති රීති ගැන දැනුවත්.

තාත්ත රජයේ රැකියාවක් කරන ගමේ වැදගත් විදියට ජීවත්වෙන මනුස්සයෙක්. එහෙම මනුස්සයෙක් expire වෙච්ච driving license එකකින් ඡන්දෙ දාන්න ආව කියල කිව්වොත්. අනිත් තව කෙනෙකුට ඔය කතාව කිව්වොත් ඒ මනුස්සය කරබාගෙන ඡන්දය නොදා යන්නත් ඉඩ තියෙනව. එහෙම බැලුවොත් මේක තනිකරම ප්‍රජා අයිතිය අහෝසි කිරීමක්.

මේ වගේ හාල්පාරුවො හින්ද තමයි මේ රට දියුණු කරන්න බැරි.

(මේ post එක ලියන්නෙ ටිකක් ලේ රත් වුණු වෙලාවක, ඒක නිසා වාක්‍ය නොගැළපීම් රළු වචන එහෙම තියෙන්න පුළුවන්, ගණන් ගන්න එපා)


….. ඊයේ අද සහ හෙට …..

අන්තිමට බ්ලොග් එක ලියල තියෙන්නෙ ඔක්තෝබර් 15. අපොයි දැන් මාස දෙකකටත් වැඩියි. ඒක නිසා මේ පෝස්ට් එකේ එදා සිට අද දක්වා වෙච්ච වැදගත් දේවල් ටිකක් ලියන්න හිතුණා.

මුලින්ම කියන්න ඕන අපේ mid semester exam එක ගැන. මැත තමයි මුලින්ම තිබුණෙ. කතා කරල වැඩක් නෑ. මලේ මල. හැබැයි ලකුණු නම් තියෙනව :-). හේතුව ලකුණු කීපයක් නිකන් එකතු කරල ;-). නැත්තන් වැලේ වැල් නෑ. අනිත් ඒවා ඒ කිව්වෙ materials, C programming සහ Mechanics නම් එච්චර අවුලක් නෑ. කොහොමින් කොහොමින් හරි ඒකත් ඉවර වුණා.

ඒ සන්තෝසෙටත් එක්ක අපේ බෝඩිමේ සෙට් එක සෙට් වෙලා ගියා ට්‍රිප් එකක්. ගියේ හෝර්ටන් තැන්න සහ බදුල්ලෙ. නොවැම්බර් 20 සිකුරාදා රෑ 8යි ගානට කොටුවෙන් තියෙන බදුල්ලෙ කෝච්චියේ තමයි ගමන යන්න පිටත් වුණේ. කෝච්චියේ ගමන නම් ෆුල් ෆන්. පස්සෙන්දා ඔහිය ස්ටේෂමෙන් බහිනකොට උදේ 5 විතර වුණා. එතන තිබුණු කඩෙන් උදේට සප්පායම් වෙලා කට්ටියම හෝර්ටන් තැන්න බලා ගමන් ආරම්භ කලා. ගියේ පයින්. ඔහිය ස්ටේෂන් එක ළගින් නැගල ටික දුරක් යනකොට කෙටි පාරක් හම්බෙනව කැළේ මැදින් යන්න. ඒකෙන් යනකොට 1.5km විතර අඩු වෙනවලු. අපි යනකොටයි එනකොටයි ගියේ ඒ පාරෙන්. මුලින්ම ගියේ පුංචි ලෝකාන්තය බලන්න. ඊට පස්සෙ ලෝකාන්තය, බේකර්ස් ඇල්ල, Governer’s pool බලාගෙන ආපහු ආවා. හවස 4:30 ට බදුල්ලට යන කෝච්චිය අල්ල ගන්න ඕන නිසා ටිකක් ඉක්මනට බහින්න වුණා. ඔහිය ස්ටේෂමට ආවට පස්සෙ තමයි දැනගත්තෙ කෝච්චිය ටිකක් පරක්කුයි කියල. ටිකක් කිව්වට ඒක ආවෙ 6ට විතර.  වෙලාවට වැස්සෙ නැත්තෙ. ඊට කළින් දවස් වල දිගටම වැහැල. කොහොමහරි කට්ටිය ඒ වෙනකොට 33km විතර පයින් ඇවිදල :-). ඒ අතරෙ අපේ යාළුවෙක්ගෙ සෙරෙප්පු දෙක කැඩුනා. ඔහියෙ සෙරෙප්පු දෙකක් ගන්න හෙව්වහම කිව්වා තව 10km විතර යන්න ඕන කියල. හපොයි මෙහේ මිනිස්සු කොහොම ජීවත් වෙනවද මංදා. ඔහියෙ ටවුන් එකටම තියෙන්නෙ කඩ දෙකයි, ස්ටේෂමයි, එක බස් එකයි (එහෙම තමයි අපි තේ බීපු කඩේ අයිතිකාර මහත්මය කිව්වෙ). කෝච්චියේ බදුල්ලට යනකොට නම් අවට සුන්දරත්වය එච්චර පෙනුනෙ නෑ, කළුවරයිනේ. ඔහියයි ඉදල්ගස්හින්නයි අතර තමයි ලංකාවෙ දුම්රිය මාර්ගයේ වැඩිම බිංගෙවල් ගානක් තියෙන්නෙ. දෙමෝදර ස්ටේෂම පහු වුණාට පස්සෙ දුම්රිය මාර්ගය යන්නෙ ස්ටේෂමට යටින්. තව….. ආහ්…. පටිටිපොළ තමයි ලංකාවෙ උසම දුම්රිය ස්ථානය. එදා රෑ නැවතුනේ බදුල්ලෙ පන්සලේ විශ්‍රාම ශාලාවෙ. පහුවෙනිදා උදේ 5.45 කෝච්චියේ ආපහු එන්න පිටත් වුණා. අප්පේ වට පිටාවෙ ලස්සන කියල නිම කරන්න බෑ. හැම කෙනෙක්ම මේ ගමන ගිහින් ඒ ලස්සන සියැසින් විදින්න ඕන කියල තමයි මට හිතෙන්නෙ.

මේ තියෙන්නෙ දෙමෝදර ස්ටේෂමේදි ගත්ත පින්තූර දෙකක්. තව කෝච්චියත් එකක් තිබුණු පෝස්ටරයක් තිබුණා. ඒක දැක්කෙ කෝච්චියට ආපසු නැග්ගට පස්සෙ 😉

ට්‍රිප් කතා ඉවරයි. ආයිත් කැම්පස් කතා. අපේ semester end exam එක ඉවර වෙලා තියෙන june term එකට තාක්ෂණික නොවන විෂයන් තෝරගන්න කියල තිබුණෙත් mid එක ඉවර වෙච්ච කිට්ටුවමයි. මම තෝරගත්තෙ ඡායාරූපකරණය :-). තව භාවනාව, ඉවුම් පිහුම්, ශාරීරික යෝග්‍යතා වගේ විෂයනුත් තිබුණා. ඡායාරූපකරණයට පොඩි පහේ ආසාවක් තියෙන නිසා ඒක තෝර ගත්තා. දැන් තමයි සතුටුදායකම ආරංචිය. අපේ ඩ්‍රෙස් කෝඩ් අයින් කරානේ. දැන් ෆුල් ෆ්‍රී. අප්පේ දැන් තියෙන සැහැල්ලුව කියල වැඩක් නෑ. දැන් තමයි කැම්පස් ජීවිතේ පොඩි ගතියක් තේරෙන්නෙ ;-). පහුගිය සති කීපයේම වැඩ වැඩ වැඩ. මැත assignment, How to buy a PC assignment, C programming quiz. දැන් නම් ඒ ඔක්කොම ඉවරයි. 23න් පස්සෙ කැම්පස් ආපහු පටන් ගන්නෙ 4. එදාට අපේ semester end exam පටන් ගන්නව. එදා ඉදන් 11 එනකම් විභාගෙ. ඒ අනිත් එක. මේ සැරේ එක semester එකෙන් field කඩන නිසා පීඩනය වැඩියි. එහෙමෙයි කියල පාඩම් කර කරම ඉන්න බෑ නේ 😉 ඒක නිසා පෙරේදයි ඊයෙයි පුස්තකාලයෙන් ගත්ත ගුණදාස අමරසේකර මහත්මයගෙ රතු රෝස මල කෙටි කතා පොත කියෙව්වා :-). ඒකෙ තියෙන “බයිසිකලය” කියන කෙටි කතාව අපිට 11දි සාහිත්‍ය පොතේ තිබුණා. හැබැයි මුල් කතාවෙ තියෙන අන්තිම පරිච්ඡේදය අපිට තිබුණෙ නෑ. ඒක මෙහෙමයි,

එදින ඔහු ආපසු ආවේ මැදියම් රැයද පසුවූ පසුය. මෙතෙක් කිසිදිනක මත්පැන් දෙතොලක නොතිබූ ඔහු ඉන්පසු සිහි නැතිවන තුරු බීමට පටන් ගත් බව ගමෙහි ආරංචි විය.

සමහර විට මේක අපිට අයින් කරන්න ඇත්තෙ මත්පැන් ගැන සඳහන් වෙන නිසා වෙන්න ඇති 😉

ඒ අතරෙ Fedora 12 ආවනේ. ඉතිනෙ DVD එකක් හොයාගෙන තිබුණු Fedora 11 upgarde කළා. කටිටය කියන්නෙ නම් F12, F11 තරම් ස්ථාවර නෑ කියල. මට නම් දැනට එහෙම අවුලක් නෑ. කිසි අවුලක් නැතුව upgrade කරන්නත් පුළුවන් වුණා 🙂 ඊයෙ ගෙදර එනකොට Ubuntu 9.10 මටත් කලින් ගෙදර ඇවිල්ලා. එක පාරක් boot කරල බැලුවා. අවුලක් නෑ. ඒත් තාම හරියට බලන්න බැරි වුණා.

අද අපිට විශේෂ දවසක්. අපිට කිව්වෙ සිංහල බ්ලොග් ලියන්නන්ට, කියවන්නන්ට … අද SBU කටිටයගෙ පළමු හමුව. ඊයෙ අවශ්‍යතාවයක් නිසා ගෙදර එන්න වුණ නිසා මට නම් සහභාගී වෙන්න බැරි වුණා, ඒ ගැන නම් දුකයි. අද උදේ tweets වලින් කියවුණේ හුඟක් අය සහභාගි වෙන බව. ඉතින් මේ වගේ අවස්ථාවක් සංවිධානය කිරීම ගැන මේ අවස්ථාවේ සංවිධායකයින්ටත්, සහභාගී වූ හැමටමත් ස්තුති කරන්න කැමතියි.

අද පෝස්ට් එක දිග වැඩිද මංදා. මේක වෙන්න ඇති මම ලියපු දිගම පෝස්ට් එක. පේන හැටියට ආයිත් ලියන්න වෙන්නෙ නම් end එකෙන් පස්සෙ තමයි.


අඳුරේ කැරම්

අද අපේ බෝඩිමේ ඉන්නෙ ටික දෙනයි. අනිත් අය ගෙවල් වල ගිහින්. ඉන්න අයත් හවස ලෙක්චර්ස් ඉවර වෙලා බෝඩිමට ඇවිල්ලා පොඩි කයියක් ගහන් ඉන්නකොට කරන්ට් එක ගියා. දැන් ඉතින් මොනව කරන්නද? වෙලාවට ඉටිපන්දමකුයි ටෝච් එකකුයි තිබුණෙ, නැත්තන් ඉතින් කළුවරේ තමයි ඉන්න වෙන්නෙ 😉

හරියට පේන්නෙ නැතුව වැඩ කරන්නත් බෑ නේ. ඒක නිසා කට්ටියම සෙට් වුණා කැරම් ගහන්න, අපේ බෝඩිමේ ජාතික ක්‍රීඩාවනේ 😉 එක කොණකින් ඉටිපන්දම පත්තු කරන් තමයි ගේම් එක ගැහුවෙ. යන්තම් කළු සුදු ඉත්තො අඳුරගන්න පුළුවන්. මේකෙන් අපිට සිරාම කණාකාරයො ටික අල්ල ගන්න පුළුවන් වුණා. උන්ට විතරයි ඉත්තො දාන්න පුළුවන් වුණේ. ටැලන්ට් එක තියෙන උන්ට ඉත්තො දාන්න වලවල් පේන්නෙ නෑ නේ 😉

මෙහෙම වට කීපයක් යද්දි අපි ක්‍රීඩාව වෙනස් කරා. කැරම් ගහපු අපි කැරම් බෝඩ් එකේ දාම් අදින්න පටන් ගත්තා. ඒ කියන්නෙ ඉත්තො උස්සන්න පටන් ගත්තා. කළුවරේ පේන්නෙත් නෑ නේ. ඒක නිසා අවුලක් නෑ. සමහර වෙලාවට උස්සන ඉත්තො මාට්ටු. කැරම් බෝඩ් එකේ දාම් ඇදීම ප්‍රගුණ කරපු කීප දෙනෙක්ම අපේ බෝඩිමේ ඉන්නවා 😉 මෙහෙම ඉන්න අතරේ එකෙක් කළු ඉත්තෙක් කියල හිතල රෙඩා උස්සල, පොර අතේ මාට්ටු 😀 හොරකම වුණත් අහු නොවෙන්න කරන්න එපැයි, මුන්ට කැම්පස් අවිල්ත් ඒක තේරෙන්නෙ නෑ නේ.

තව ටික වෙලාවක් යද්දි වැඩේ පොඩ්ඩක් සාධාරණ වෙන්න පටන් ගත්තා. ඒ කියන්නෙ ගේම් එක ඉවර වෙලා තමන් උස්සපු ඉත්තො ගාණ තමන් කියනවා. අපි ඉතින් සාධාරණ හොරුනේ 😉 කොහොම හරි අන්තිම වෙනකොට කැරමුත් නෙවේ දාම්නුත් නෙවේ. අනිත් පිලට නොදැනෙන්න වැඩියෙන්ම ඉත්තො උස්සපු කණ්ඩායම තමයි දිනුම්. පරිණාමයද මොකක්ද කියන්නෙ මේකට වෙන්න ඇති 😉

ටික වෙලාවකින් ඒකත් එපා වුණා. වෙන කරන්න අලුත් සෙල්ලමක් හොයා ගන්නත් බැරි වුණා. ඉතින් කටිටිය නිදා ගන්න ගියා. ගිහින් වැඩි වෙලා යන්න වුණේ නෑ කරන්ට් එක ආවා. ටික දෙන්ක් නිදි, ඉතුරු ටික නැඟිටල. මමත් නඟිටපු නිසා දැන්මම මේ පෝස්ට් එක ලියන්න ඕන කියල හිතුණා.

ඔන්න ඔහොමයි අපි කළුවරේ කැරම් ගහන්න පටන් අරන් අන්තිමේ නමක් නැති ගේමකින් වැඩේ ඉවරකරේ…..