Freshers’ Day 2009

කොහොමද? කාලෙකින් නේද? හෙ හෙ එහෙම තමයි දැන් ඉතිං සති අන්තෙ විතරයිනේ ගෙදර ඉන්නෙ.

ඊයෙ (24) අපේ කැම්පස් එකේ (මෝරා) Freshers’ Day 2009 පැවැත්වුණා. වැඩේ සංවිධානය කරල තිබුණෙ level 2 අයියල අක්කල. වැඩේ එළ, මල් 7යි. උත්සවය ආරම්භ කරේ පස්වරු 1ට. ප්‍රධාන ආරාධිත අමුත්තන් විදියට ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිතුමන් අතුළු ආවාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහභාගි වුණා. මුලින්ම තිබුණෙ level 1 එකේ (අපේ 😉 ) වැඩ පෙන්නීම. අපේ බැචාල සින්දු කියල නාට්‍ය පෙන්නල වැඩේ සිරාවට කරා. ඒ අතරින් C1 එකේ නාට්‍ය සුවිශේෂයි.

ඊට පස්සෙ තිබුණෙ level 2 අයියල අක්කලගෙ අවස්ථාව. ඒ අයත් ගීත ගායනා සහ නාට්‍යයක් ඉදිරිපත් කරල තමන්ගෙ දක්ෂතා පෙන්නුවා. ඩ්‍රම්ස් ගහපු අයියා ගැන නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. මේ අතර level 1 group coordinator ගුරුවරුන්ට level 1 සිසුන්ගෙන් උපාහාර පිදීම, මෙම උත්සවයට සමගාමීව පැවැත්වුණු චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම හා පසූගිය දවස් වල රඟමඩලේ පැවැත්වුණු නාට්‍ය තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමද සිදුවුණා. ආහ්…. අපිට පොඩි සංග්‍රහයකුත් හම්බුණා. උත්සවය අවසාන වීමට නියමිතව තිබුණෙ හවස 6ට වුණත් වැඩේ ඉවර වෙනකොට 7 විතර වුණා.

අවසානෙ හැමෝම විසිර ගියේ සතුටින්, ෆුල් ආතල් එකේ. අපි අපේ බැචාලගෙ දක්ෂතා සහ level 2 අයියල අක්කලගෙ දක්ෂතා දැක්කා. ඒ අය අපේ දක්ෂතා දැක්කා. අපි අපි අතර සුහදත්වය වැඩි වුණා. පෙරේදා කැම්පස් එක ඇතුළෙදි දැනුනට වඩා වැඩි සමීප බවක් අද කැප්මස් එක අතුළෙදි අපිට දැනුනා.

මේ යහපත් සොඳුරු අත්දැකීම ලබන වසරේ එන නංගිලා මල්ලිලාටත් අත්විදින්න ඉඩ සලසා දෙන්න අපි බලා සිටිමු…..

Advertisements

10 responses to “Freshers’ Day 2009

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: