Monthly Archives: ඔක්තෝබර් 2008

රිච්මන්ඩ් විද්‍යාලයීය නිදහස් හා විවෘත කේත මෘදුකාංග වැඩමුළුව

මේක ඊයෙම (27) ලියන්න ඕන එකක්, ඊයෙ බැරිවුන නිසා අද ලියනව. ඊයෙ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේදී නිදහස් හා විවෘර මෘදුකාංග වැඩමුළුවක් පැවැත්වුණා. සංවිධානය කරල තිබුනෙ විද්‍යාලයීය Rich Linux User Group එක මගින්. සම්බන්ධීකරණය බන්දුල සර් ගෙන්.

වැඩසටහන පටන් ගත්තෙ උදේ 7:30ට. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු, ඩනිෂ්ක අයිය, මම, සීජේ, චානුක්ස්, බන්දුල සර් අපි හැමෝම ඇවිල්ල හිටපු මල්ලිල ටික දැනුවත් කරා. ඔක්කොම 70ක් විතර හිටිය, IT Club එකේ ඉන්න අය නිසා කට්ටියම ඉතාම ආශාවෙන් අහගෙන හිටිය. වැඩසටහන ඉවර වෙනකොට දවල් 2 විතර වුනා.

මගේ ජංගම දුරකථනයටනම් මේ දවස් වල නිවනක් නෑ. වැඩසටහනට ආපු මල්ලිල ඇමතුම් අරගෙන “අයියෙ මේක කරන්නෙ කොහොමද, install කරද්දි error එකක් ආව” මේ වගේ දේවල් කියනව. හරිම සතුටුයි. අපි කියපු දේ ඒගොල්ලො අතරට ගිහින් තියෙනව, ඒව අත්හදා බලල තියෙනව.

රිච්මන්ඩ් විද්‍යාලය මම පොඩි කාලෙ ඉදන්ම ඉගෙන ගත්ත පාසල. ඉතින් මගේ පාසලේ මල්ලිලාට ආදි ශිෂ්‍යයෙක් හැටියට යමක් කියල දෙන්න ලැබිච්ච එක මට ලැබුනු භාග්‍යයක් සහ සතුටක්. විද්‍යාලයීය IT Club එකට, භාර ගුරු මහත්ම මහත්මීන්ට, බන්දුල සර්ට සහ ඔහුගේ පාසලින් පැමිණ සිටි මල්ලිලාට, දේශන පැවැත්වූ සැමට සහ සහභාගී වූ මල්ලිලාට මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය දැක්වීම පිළිබඳව මාගේ ප්‍රණාමය පුද කරනව.

වැඩසටහන ඉවර වෙලා පාසල් භූමියෙන් නික්මෙන විට පොඩි මල්ලිලාගේ ඉල්ලීමට බෑ නොකිය ඡායාරූප ගත් ඩනිෂ්ක අයියට ඔවුන් වෙනුවෙන් ස්තුතියි.

වැඩසටහනේ පිංතූර ටික මෙතනින් බලන්න.


ෆේස්බුක් යන සිංහල පොත්

මේක ෆේස්බුක් වල ගිෆ්ට් ක්‍රියේටර් භාවිතා කරල හැදුවෙ. සිංහල යුනිකෝඩ් භාවිතා කරලත් තියෙනව. වැඩසටහනේ ආරාධනාවෙදි නම් (Application invitation) ෆොන්ට් එක රෙන්ඩර් වීමේ ගැටළු තියෙනව. මම ෆේස්බුක් එකට මේල් එකක් දැම්ම ඒක ගැන කියල, තාම පිළිතුරක් නෑ. වැඩසටහන් නාමාවලියට (Application Directory) නම් දැම්මා. දැනට පොත් 32ක් එක් කරල තියෙනව, ඉදිරියේදි තව එක් කරන්න බලාපොරොත්තු වෙනව. ෆේස්බුක් පාවිච්චි කරන අය පාවිච්චි කරල බලන්න.

මෙන්න ඈඳුම (link) සිංහල පොත්


වර්ගීකරණය

ඊයෙ දුම්රියෙන් කොළඹ යනකොට මට හරි අපූරු දෙයක් හිතුන. සෑම දුම්රිය ස්ථානයකම ඉන්න මගීන්ගේ මුහුණුවර අනුව ඔවුන්ව වර්ගීකරණය කරන්න පුළුවන් කියල මට හිතුන. මෙහෙම වර්ගීකරණය කළොත් එහි වර්ග පනහක් විතර තිබේවි. එක වර්ගයක අයගෙ මුහුණුවර වල පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් ඒ මුහුණුවර වල හරය ගත්තහම ඔවුන් එකම වර්ගයක් කියල සලකන්න පුළුවන්. මේක හරියට නිව්ලන්ඩ්ස් ගෙ අෂ්ඨක වර්ගීකරණය වගේ කියල කෙනෙකුට හිතේවි (නිව්ලන්ඩ්ස් කිව්වෙ එවකට සොයාගෙන තිබූ මූලද්‍රව්‍ය ඒවායේ ස්කන්ධ ක්‍රමාංකය වැඩි වෙන පිළිවෙලට ලැයිස්තු ගත කරහම සෑම මූල ද්‍රව්‍ය අටකට වරක් හමුවන මූලද්‍රව්‍ය වල ගුණ සමාන බවයි). ඒ කාලෙ විද්‍යාඥයින් මේ අදහසට හිනා වුණා. නමුත් මූල ද්‍රව්‍ය වල ගුණ ආවර්තීයව විචලනය වන බවට ඉගියක් මේකෙන් ලැබුණා. ඒ කොහොම වුණත් මගේ මේ අදහසින් මම එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒත් හිනාවෙනවනම් හිනාවෙන්න. මගේ කිසිම තරහක් නෑ. මේක ටිකක් විකාර අදහසක් කියල හිතේවි. ඔව්, මම ලිව්වෙ මට හිතෙන දේ …….