Monthly Archives: නොවැම්බර් 2008

ඩයලොග් ගෙනෙනා Budget SMS

Budget SMS කියන්නෙ ඩයලොග්ලගෙ අලුත් වැඩක්. D2D SMS රු. 0.5 (+ බදු). කරන්න තියෙන්නෙ SMS එක ලැබෙන අංකය ඉදිරියෙන් “10” එක් කරල යවන එක (උදා: 10077*******). හැබැයි පණිවිඩයේ යවන්න පුළුවන් අකුරු 100යි. ඉතුරු 60 ට සේවාදායකයන්ගෙ වෙළඳ දැන්වීම් එක් කරනව. නරක නෑ වැඩේ. තව දෙයක් මේක සහය දක්වන්නෙ සාමාන්‍ය පණිවිඩ සඳහා පමණයි (normal text message). දවසකට යවන්න පුළුවන් පණිවිඩ 10ක් පමණයි.

මේ අයත් දැන් ගූගල් අනුගමනය කරනවා වගේ. කාලෙකට ඉස්සර ගූගල්ලගෙත් ජංගම දුරකථනය නොමිළේ දීල එහි වෙළඳ දැන්වීම් පෙන්වන ක්‍රමයක් සාකච්ඡා මට්ටමේ තිබුනා. ඒක ක්‍රියාත්මක වුණාද කියලනම් මම දන්නෑ.

කොහොම වුණත් අන්තිමේදී ගාණත් අඩුයි අකුරුත් අඩුයි. හැබැයි ගාණ අඩු වෙච්ච තරමටම අකුරු අඩු වෙලා නෑ. 😀

Advertisements

උබුන්ටු හා හූනා

ඊයෙ රෑ උබුනටු 8.10 වලට මාරු වෙන්න හිතාගෙන update manager වලින් ඇස්තමේන්තු කාලය බැලුව. පැය 6ක්. මගේ අන්තර්ජාල සම්බන්ධතාව SLT ADSL නේ. උදේ වෙනකම් ඉන්න වෙන නිසා වැඩේ අද උදේට කල් දැම්මා.

උදේ නැගිට්ට ගමන් යාවත්කාල (upgrade) වෙන්න දාල මම ගියා පොඩි වැඩ වගේකට එළියට. ආපහු එනකනුත් වැඩේ යනව (packages බානව). මොනව කරන්නද, අතින් බාල දෙන්න බෑනේ. මෙන්න ටික වෙලාවකින් ඇවිල්ල බලද්දි පරිගණකය off වෙලා. කරන්ට් එකත් තියෙනව. මම ආපහු on කරල බැලුව. සද්දයක් නෑ. ඒපාර UPS එකෙන් ගලවල කෙලින්ම ගහල බැලුව. මෙන්න ඒ පාර trip switch එක off වෙනව. Power unit එකේ ලුහුවත් වීමක් වෙන්න ඇති. ඒ පාර පරිගණකය ගත්ත තැනට ගෙනිහින් දුන්න. Power unit එකේ අලුත්වැඩියා කරන්න පුළුවන් කොටස් නෑ කියල ඒකෙ ගහලම තියෙනවනේ, ඒක නිසා බාස් වැඩ කරන්න ගියෙ නෑ. බලනකොට හූනෙක් ගිහිල්ල. ඌ උබුන්ටු දාන්න ගිහින්ද කොහේද. කොහොම වුනත් ඉතිං පවු වැඩේ. මොනව කරන්නද. ඌ අයින් කරාට පස්සෙ වැඩේ ගොඩ.

ගෙදර ගෙනැල්ල බලද්දි බාපු ගොනු ටික /var/cache/apt/archives/ එකේ තිබුන. හොඳ වෙලාවට. නැත්තම් මුල ඉදල බාන්න එපැයි. ඉතුරු ටිකත් බාල වැඩේ සම්පූර්ණයෙන් බා ගත්ත.

දැන් ඉන්නෙ උබුන්ටු 8.10 එකේ.