Category Archives: වෙනත්

එක්වන්න…සෙනෙහසේ අරුණැල්ල සමග

ජාතියක, දේශයක ප්‍රගමනය, සංවර්ධනය උදෙසා තබනු ලබන ප්‍රථම පියවර වනුයේ එම රටවැසියන්ගේ චිත්ත සන්තානයේ, සිතුම් පැතුම් සමුදායේ ඇතිවන්නා වූ සුභවාදි පරිවර්තනයි.දැනුම පුපුරා යන තාක්ෂණික ලෝකයක ඒ දැනුමෙන් මිනිසුන් හුදෙකලා කෙරුණු කුරිරැ යුද්ධයක අපමණ සාහසිකකම්වලින් ඉරිතැලුණු මේ ලක් දෙරණේ අපේම සහෝදරයන්ගේ ජීවිතවලට සාහිත්‍යයේ ගුණ සුවද ලගා කරමින්,මිනිසත් කමේ ගුණ උණුහුම හදුනන ආදරණීය මතු පරපුරක් බිහි කරන්නට සෙනෙහසේ අරුණැල්ල….

අහස පුරා සැරිසරන කුරුල්ලන් විදින නිදහස, කොලපාට යායෙන් ඔබ්බෙහි ඇති නිල් පාට කදු පන්තියේ සැගවී ගිය මල් ගොමුවක සුන්දරත්වය, ඒ මල් වටේ මුකුළු වන මී මැස්සන්ගේ ගුම් ගුම් නාදය විදිනවා වෙනුවට, තුවක්කුවකුත් කරේ එල්ලගෙන ජීවිතේ විදවන්න සිද්ද කළ රුදුරු ත්‍රස්තවාදය නිමා කරමින් සාමයේ හිරු කිරණ වැව් බැඳි රාජ්ජයට, දිගාමඩුල්ලේ ඉන්න අහිංසක දරු පැටවුන්ටත් වැටිලා තියෙනවා. නමුත් තවමත් ලෝකය ගැන ප්‍රචණ්ඩත්වයෙන්, සාහසික ඇහැකින් බලන්න පුරුදු කරපු මේ ළමයි, ඊට හාත්පසින් වෙනස්, සෞම්‍ය සිනාවෙන් පිරුණු, මනුස්සකම උතුරන ලෝකයක් ඇති බව දන්නෙවත් නැතුව ඇති…. සිදාදියේ ගාමන්ට් එකක දණහිස් පොල්කටු දෙක ගෙවෙනකන් මැෂින් පාගන්න, ලොකු බංගලාවක සිකුරිටි කමක් ගන්න ඇරුණම වෙන ජීවිත උරුමයක් ඔවුන්ට ඇති බව ඔවුන් නොදන්නවා වෙන්න ඇති ……

කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කාපු මේ ජීවිත, දුක්ඛ දෝමනස්සයන් එක්කම සැඟවෙන්න්න ඕනෙද? මාර්ටින් වික්‍රමසිංහල, ජයන්ත ධනපාලලා වෙන්න ඕන අය අහස දිහා බලාගෙන හුල්ල හූල්ල බලාගෙන ඉන්න ඕනෙද???

ලෝකෙ කොහෙවත් නැති, අනුන්ගේ කදුලක පිරුණු වේදනාව දැනෙන, උණුවන හදවත් ඇති අපේ රටේ මිනිස්සුන්ගේ කරුණාව මේ මිනිස්සුන්ට ලබා දෙන්න පුළුවන් අවස්ථාව උදා වෙලා තියෙනවා. එදා වේල පිරිමහ ගන්න කෑමක් බීමක්‌ දෙනවට වඩා හැමදාම එකම තැන පල්වෙන ඒ ජීවිත වල වෙනසක් කරන්න පුළුවන් වෙන්නේ පානම්පත්තුව දක්වා ඈතට විහිදෙන ඒ ගම්වල අහිංසක දරු පැටවුන්ගේ හදවත ශක්තිමත් කළොත් විතරයි….ලෝකෙ වෙනස් කරන්න පුළුවන් අපුර්ව ශක්තියක් තමන් තුළම සැගවී තියෙන බවත්, බුද්ධිය හා දැනුමට විශාල වටිනාකමක් ඇති බවත්, දඩු වැටෙන් ඔබ්බෙහි ඇති මහා ලෝකය ජය ගන්න මේවා යොදා ගන්න පුළුවන් බවත් මොවුන්ට වටහල දෙන්න පුළුවන් නම්….. තාරුණ්‍යය කියන්නේ තුවක්කුවක් අරගෙන හතරවටේට වෙඩි තියන එකවත්, නැති වුන පෙම්වතිය වෙනුවෙන් කෘමිනාශක බොන එකවත්, TV එකේ හරි Fm නාලිකාවක හරි කියන එක රැයෙන් ප්‍රසිද්ධ උන සුපිරි තරුවක් වීමවත් නොවෙයි, ලෝකෙට ලොකු දෙයක්, වෙනසක් කරන්න පුළුවන් වගකීමක් ඇති ජීවිතයක් කියල ඔවුන්ට ඒත්තු ගන්නවන්න පුළුවන් නම්…..

ඔය කියන ජීවිත අවබෝධය, ඔවුන් තුල සැගවුණු මහා ශක්තිය අවදි කරන්න පුළුවන් පොත පතට විතරයි. මවු කිරේ රසය ඇති වෙච්ච කථාව, පීදෙන ගොයමක මුහු වෙච්ච දහදිය සුවද, හදවත හා ආත්මයේ ඇති අමිල බව, ඔවුන්ට ඒත්තු ගන්වන්න පුළුවන් සාහිත්‍යයට විතරයි. මේ වටිනාකම ඔවුන්ට වටහල දීල ඔවුන් කියවන්න ඇබ්බැහි කරන්න පුලුවන්නම්…

එත්……කියවන්න පොත් ඕනෙ,පුස්තකාලයක් තියෙන්න ඕනෙ,පුරුද්දක් නැති නිසා පොඩි අභිප්‍රේරණයක්, මඟපෙන්වීමක් ඕනෙ…කියවන්න, කියවන්න දිරිමත් කරන්න ඕනෙ…මේ දේවල් සාර්ථක උනොත් අපේ රටේ හෙට දවස ගැන සැකයක් නැහැ..මොකද, මහා පොලොවේ පන්නරය ලබන ඔවුන් පොත්පත්වල අපුර්වත්වය දැක, දැනුමින් පොහොසත්ව පිරිච්ච මිනිසුන් උනොතින් අනිවාර්යෙන්ම අපිට ලැබෙන්නේ ලෝකයේ හොදම මානව සම්පතයි….

ඉතින් මේ අරමුණ වෙනුවෙන් තමයි සෙනහසේ අරුණැල්ල කැපවෙන්නෙ….තරුණයන් පිරිසක් එකතු වෙලා නිර්මාණය කරපු සංකල්පයක් තමයි සෙනහසේ අරුණැල්ල කියන්නේ …ඇත්තටම ඔවුන්ට තියෙන්නේ අධිශ්ටානය විතරයි. එත් හෙට දවස වෙනුවෙන් තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ යුතුකම කොහොමහරි ඉටු කරන්න කැපවෙන්න ඔවුන් අදිටන් කළා…. ඒ අරමුණ යථාර්තයක් කරන්න පුළුවන් සැබෑ මිනිසුන් වෙච්ච ඔබට විතරයි….මොකද සෙනහසේ අරුණැල්ල කියන්නේ එක කොටසයකට අයිති දෙයක් නොවන නිසා…

උපන් බිමට මනුෂත්වයට ආදරේ කරන කාගේත් දෙයක් “සෙනහසේ අරුණැල්ල “.අනිත් අයගේ අඩුපාඩු හොයා හොයා ඒවාට බැන බැන සාප නොකර හෙට රට වෙනුවෙන් පොඩි හරි දෙයක් කරන්න ඔබත් කැමති නම් “සෙනහසේ අරුණැල්ල ” වෙනුවෙන් ඔබත් එකතු වන්න…

පෙර දවසක කියවා රස විදපු, ඔබේ ජීවිතයේ වෙනසක් ඇති කරපු, හොද තත්වයේ තිබෙන ළමා කෙටිකථා, ප්‍රබන්ධ, පරිවර්ථන, චරිතකථා ඉතිහාස පොත් ආදිය අපට දෙන්න…ඒ පොත් හෙට දවසේ දී තවත් ජීවිත ගණනාවක පරිවර්තනයක් ඇති කරාවි. සෙනහසේ අරුණැල්ලට ඔබේ සහය නැතිනම් එය යථාර්තයක් වෙන්න නෑ. අපේ රටේ ඉන්න මනුස්සකමට ආදරය කරන ඔබ ගැන විශ්වාසයෙන් තමයි අපි ව්‍යාපෘතිය ආරම්භ කලේ….ඔබ ලබාදෙන පොත් නිසි පරිදි බෙදා දීල ඒ ළමයින්ට කියවීමට පෙලබවීමක් ඇති කරන්න අපි සුදානම්..

ඉතින්…කැමති නම් ඔබේ ආයතනයේ, පාසලේ, පන්සලේ, ගමේ, පවුලේ මිතුරන් මේ කටයුත්තට එක් කර ගන්න ඔබ පෙරමුණ ගන්න,,,අහිංසක ජීවිත වෙනුවෙන් ඒ දෙය මහා පිනක් වේවි.පොත් වලට කාලගුණ සැලකීමක් වේවි.ඔබටත් ඔබේ දරුවන්ටත් මහා ආශීර්වාදයක් වේවි…..ඉතින් ….මේ සෙනෙහෙබර ඇරයුම අප හා එක් වන්න.ඔබ කව්රු උනත් ඔබට මේ වෙනුවෙන් පුංචි හරි උදව්වක් කරන්න පුලුවන්නම් ඒ දෙය අපිට ලොකු හයියියක්‌ වේවි……සැබවින්ම ඔබ අපිට විශ්වාසයි….

තමන් ලැබූ දිවි පෙවතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකලොත් නුබෙන්පුතේ
මෙලොවට කිසි එලක් නැතේ

වැඩි විස්තර සදහා 

senahasearunella@gmail.com

අමතන්න..

අමිල 0716315399
නවින්ද 0714476276

Advertisements

2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව | පසුවිපරම ;-)

තිරය ඇරෙනවා තිරය වැහෙනවා, හැටි එහෙමය. 🙂

මෙය ලියන්නට සිටියේ ඊයේ සවස වුවත් ලියන්නේ දැන්ය. එහෙත් ඊයේ සවස ලිවුවේයැයි සලකා කියවීම වඩාත් උචිත විය හැක. පළ කරන්නේ කවදාද යන්න පිළිබඳ අදහසක් නැත. ලියන්නට යන්නේ හමුව අතරතුර, හමුවෙන් පසුව සිදු වූ සහ සිදුවන්නට ඇතැයි සිතෙන දේවල් ගැනය. තොරතුරු ඇහිඳ ගත්තේ තැන් තැන් වලින්ය.

අපි නැවත ආවේ දුම්රියෙනි. වෙනදා අම්බලන්ගොඩින් බහින ඩැනියා අද බැස්සේ ගාල්ලෙනි. තාරක අම්බලන්ගොඩින් බැස වේදිකාව ඔස්සේ නැවත දුම්රිය මැදිරි කවුළුවක් වෙතට ඇදෙනු දුටුවෙමි, පරීක්ෂණ කටයුතු තවමත් අවසන් නැත. කෙසේ වෙතත් මේ අවස්ථාව වන විට ඔහු ෆොන්ට් සෑදීමට ඉගෙනගනිමින් සිටීමට බොහෝදුරට ඉඩ ඇත. ගාල්ලෙන් බට බනියාට සිදුවූවේ අකරතැබ්බයකි. කොළඹ කොටුව සිට ගාල්ල වෙනුවට බනියාගේ සාක්කුවේ තිබුණේ කොළඹ කොටුව අම්බලන්ගොඩ ප්‍රවේශ පත්‍රයකි. කරන්නට දෙයක් නැත. නියමිත මාර්ගය බයිපාස් කර පාලමෙන් එගොඩ වී බනියා සහ කල්හාර විසිර ගියෝය. වෙලාවට පොලිස් මාමලා සිටියේ නැත. වත් අක්කා සහ නගෝද බසයේ නැගී පිටවී යන්නට ඇත. යනකොට අප සමඟ ගිය ඉන්දරේ එනකොට අප සමඟ ආවේ නැත. කීවේ බෝඩිමට යන බවය. ඔහු මේවන විට ඔහුගේ බෝඩිම් සඟයා අතින් කැඩුනු ලැපේ යතුරු පුවරුව අලුත් වැඩියා කිරීමට උත්සහ කරනවා විය යුතුය.

මේ හමුවට යනගමන්. පින්තූරය ගත්තේ බනියාය. ඒ නිසා ඔහු ඡායාරූපයේ නැත. වදින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුණායි කියන්නේ මෙවැනි අවස්ථාවල වන්නට ඇත

දිවා ආහාරය අවසන සතුටු සාමීචියේදී මම මාරයා අසලටද වීමි. එච්චර අවුලක් නැත. ඡායාරූප වලට පෙනී සිටීම නම් මාරයාට මරණයට වඩා අන්ත වූවා සේය. අවසන ගොඩනැගිල්ලෙන් එළියට මාරයා ආවේද අප සමඟය. ඔහු මෝටර් සයිකලයේ නැගී ඉගිලී යනු දැක වත් අක්කා කීවේ ඔහු මෙවෙලේද පදම් වී ඇත්දැයි සැක සිතෙන බවය.

 

වම්පස කෙළවරේ මහත් අසරණව සිටින්නේ මාරයාය

හමුවට සානුවාද පැමිණ සිටියේය. ඔහුට හොඳට අත්පුඩි ගසන්නට හැක. මා ගෙදර විත් චැට් එකට ලොග් වූ විට ඔහු සිටියේය. දැන් සිටින්නේ කොහිදැයි ඇසූ විට කීවේ තාම ගෙදර යන බවයි. මා ගාල්ලේය. ඔහු කෝට්ටේය. කෝට්ටේ යනු ඩොටේ විය යුතුය. හර්ෂණ පැමිණ සිටියේ මෝටර් සයිකලයෙනි. මෝටර් සයිකලයෙන් කීවාට පල්සර් එකෙනි. එය චීන පල්සරයක් බව පසුව ආරංචි විය.

උස අනුව පෙළගැස්වීම

චයිනීස් පල්සර්

බ්ලොග්කරණයේ ප්‍රතිඵළ ගැන උදාහරණයක් ලෙස ලංකාවේ අන්තර්ජාල සපයන්නන් ලබාදෙන වේගය ගැන කතා කරද්දී මලින්ත හනිකට පැත්තකින් නමුත් සභාව ඉදිරියට වී සිට ගත්තේය. මූණු පොතේ පින්තූර අප්ලෝඩ් කිරීම හැර ඔහු ගැන කිසිම තොරතුරක් නැත. මේ ලිපිය සඳහා ඔහුගේ මූණුපොතේ ඇල්බමයකින් පින්තූර ගැනීමට අවසර ඉල්ලා මා යැවූ විද්‍යුත් ලිපියටද තවම පිළිතුරක් නැත. ඒවා එසේ විය යුතුය. පසුව නඩු දැම්මොත් මට යන්න වෙන්නේ නුවර උසාවිය. නුවර දුර වැඩිය. බාගවිට ඔහු සීනි කෙසෙල් ගෙඩියක රස බලමින් හෝ tea එකක් බොමින් හෝ සිටිනවා වීමටද හැක. තත්වය වඩාත් දරුණු නම් දුම්රියේ කාන්තාවකගේ ඡායාරූපයක් ගැනීමට ගොස් ගුටි කා හිරේ විලංගුවේ වැටී හෝ කැමරාවට ලෙන්ස් එකක් ලබා ගැනීමට කැමරාව උකස් කිරීමට ස්ථානයක් සොයමින් හෝ සිටිනවා විය හැක. කෙසේ වෙතත් ඔහු හිරේ විලංගුවේ වැටී ඇත්නම් jail sucks හෝ එවැනි දෙයක් ට්විටරයේ තිබිය යුතුය. නමුත් එවැන්නක් දැනට නැත.

ගයන්තව අවසන් වරට දුටුවේ කොටුව දුම්රිය ස්ථානයේදීය. හේ වේදිකාව දිගේ දුම්රිය දෙස බලමින් ගමන් කරමින් සිටියේ නැගීමට හැකි දොරක් වේදැයි බලමින් විය යුතුය. ඔහු දර්ශන පථයෙන් ඉවත් වී ගිය නිසා සහ ඔහුගේ දුම්රියට පෙර අප පිටත් වූ නිසා ඔහුට කුමක් සිදු වූවේදැනි නොදනිමි. ඔහු භාණ්ඩ දමන මැදිරියට හෝ පැන ගත්තා විය යුතුය.

 

බනියා GIMP දන්නා නිසා හොඳය. නැත්නම් දමන්නට වෙන්නේ ගයන්තගේ කොටස් වශයෙන් ගත් ඡාරාරූපය

අන්තර්ජාල සම්බන්ධතාවයද සීම සහිත හද්දා ඩොටේ (ඩැනියාට අනුව) දෙදෙනෙකුද හමුවට පැමිණීම ගැන සතුටුය. අප ආපසු යන විට එළියේ නතර කර තිබුණේ රෝද දෙක පමණක් නමුත් ට්‍රැවලින් බෑගයක්ද ඔවුන් සතු වී බව දැනට සනාථ වී ඇත. ඒ අනුව මොවුන් දෙදෙනා ආවෙ හමුවටමද නැතිනම් පැන යන අතර විඩා නිවා ගැනීම සඳහා ගොඩ වූවාද යන්න සැක සහිතය. ඒ හමුවද සිංහල බ්ලොග්කරණයේ ප්‍රතිඵලයක් බව කාලිංග අයියා සිතයි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා නැවත ගම රට බලා ගිය බවට ආරංචියක් නැත. ආවේ වෙන කවුරුත් නොව කුෂාන් අයියා සහ ෆා ද බ්ලෝගීය. මා වැරදීමකින් චැට් එකේ transmission line 1 course work එකක් ඉල්ලුවේ කුෂාන් අයියාගෙනි. ඔහුට එය මතකය.

 

තමාට ගැහැණු ළමයෙකු සිටියදී නැතැයි කීමෙන් මෙම තත්වය උදාවූ බව බහුතර මතය වේ. ප්‍රසිද්ධියේ නොකියා අපට පෞද්ගලිකච කීවේනම් තත්වය මෙතරම් දරුණු නොවනු ඇත. අපද මේවායින් ඉගෙනගත යුතුය.

දිවා ආහාරයෙන් පසු අත සෝදා එහාට මෙහාට වෙද්දී ශාලාවේ කණු අතර හැංගිමුත්තන් කරන කොළු ගැටවුන් දෙදෙනෙක් දක්නට ලැබුණි. ළං වී බලද්දී එකෙකු නම් අඳුනා ගත හැකි විය. ඒ බංදුල රණතුංග මහතාගේ පුතාය. එනෙකා ටිකක් දැක පුරුදුය. හැද සිටියේ SBU ටී ෂර්ටයකි. තවත් ළං වී බැලූ විට ඇඳින්නෙමි. ඒ සුදාය. හේ තවත් මිටි වී ඇත. දිවා ආහාරය සඳහාම පැමිණුනාදැයි සැක සිතූ නමුත් බාගවිට ඔහු ආරම්භයේ පටන් ශාලාවේ සිටින්නට ඇත. තිරයේ අලුත් මොනවත් නැතැයි කීවේ ඔහුය. එයද මෙහි කිවමනාය. ඊයේම (19) යමක් ලියන බව කීවත් ලියන්නේ අදය.

බුද්ධික කෙට්ටු වී ඇත. කීවේ ඩැනීය. හිනාව එදා වගේමය. හර්ෂදේව ආවේ තරමක් ප්‍රමාදවීය ඒද තනියමය. සින්දු කීවේද නැත. තිළිණ ආවේ enough එකෙන් විය යුතුය. නෝනාගේ ක්‍රීම් ගා සුදු වී ඇතැයි කට කතා පැතිරුණත් විශ්වාස කිරීම අසීරුය. සාමාන්‍යයෙන් හමේ ගාන ක්‍රීම් දත් වල ගාන්නේ නැත. ඒ කිව්වේ කාලිංග ගැනය. නමට අනූ කෑල්ලක් ඇති බව දනිමි. සංසදයේ භාණ්ඩාගාරිකය. ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් පනිනකන් අවුලක් නැත. පැන්න දාට ලෙඩේය. සල්ලි දී ඇත. රිසිට් නැත. එදාට අපි නැත.

 

කෙට්ටු යැයි කීවාට කෙට්ටුම නැත

;

කට්ටිය බලන් හිටියට මේ සින්දුවක් කියනවා නෙවේ

අසා සිටීම පමණි. වාර්තා තබා ගන්නා සෙයක් නොපෙනේ.

තව කිව යුතුම කෙනෙක් ඇත. ඒ වෙලාය. ඒ කිව්වේ නම “වෙලා”ය. අනුග්‍රහයට ස්තුති නොකර බැරිය. හොඳ දේට හොඳයි කිව යුතුය. මේ වචන මගේමය වෙන කාගෙවත් නොවේය. මම කල්ප පැතුම් වැලිවිටිගොඩ වෙමි.

 

"වෙලා"

මේ ඉන්නේ සෙට් එකය,

 

පින්තූරෙ ගත්තෙ හර්ෂදේව/වෙලා

අලුත් මුහුණු රාශියක් දක්නට ලැබීම සතුටට කරුණකි. මෙහි කියවුණේ බොහෝ සුළු පිරිසක් පිළිබඳ පමණි. පැමිණි පිරිස විශාලය. deeps ලා msg_malee ලා නැත. නැති අයගෙන් මතක් වෙන්නේම කාන්තාවයන්ය. ඒ ලොකෙ හැටිය.

මලින්තගෙන් තාම පිළිතුරක් නැත. කරන්නට දෙයක් නැත. ඔහුගේ පින්තූර දමන්නට සිදුවේ. නුවර, අවුලක් නැත. මේ දවස් වල නිවාඩුය.අවසන court sucks ය. අනෙත් පින්තූර බනියා සහ සුදාගේය. ඒවාට අවසර ඇත. තවත් බොහෝ පින්තූර මූණු පොතේ ඇත. මේ ලියන මොහොතේ මා එළවා තිබූ සිංඩියට නැවත එක් කළ ඉන්දරේටත් බ්ලොග් url සෙවීමට සහය වූ බනියාටත් තුති පුදකල යුතුමය.

ප.ලි: මෙහි සහ මුණු පොතේ මා විසින් පළ කර ඇති කමෙන්ට්, කියවන්නාගේ මුවඟ සිනහවක් රැදවීම පිණිස මිස කිසිවෙකු හෝ සමූහයකට අපහස කිරීමේ අරමුණින් පළ කරන ලද ඒවා නොවන බව කරුණාවෙන් සළකන්න.


අමුතු විදියට වීඩියෝ බැලීම

කවදහරි හිතල තියෙනවද linux terminal එකෙන් වීඩියෝ එකක් බලන්න? මෙන්න උත්සහ කරල බලන්න

mplayer -vo caca

කළු සුදු ප්‍රතිදානයක් ලබා ගන්න නම් පහත විධානය දෙන්න
mplayer -vo aa


තින්ත ගෑම

මම මගේ බ්ලොග් එකේ පොඩි තින්ත පාරක් ගෑවා. සෑහෙන්න ගාණක් ගියා වැඩේට. 😀

බලන්නකො දැන් කොහොමද කියල.


අ.පො.ස. උසස් පෙළ

හ්ම්….. ප්‍රතිඵලත් ආවා. මේ පාර නම් ගොඩ, අවුලක් නෑ. මාර සන්තෝෂයි. අද පාසල් ගියා ගුරුවරුන්ට ප්‍රතිඵල කියන්න. මේ තියෙන්නෙ මගේ උසස් පෙළ කතාව බෝහොම කෙටියෙන්.

මම උසස් පෙළ කරන්න තෝර ගත්තෙ ගණිත අංශය. පොඩි කාලෙ ඉදන්ම ගණන් වලට පොඩි ආසාවක් තිබුනා. හ්ම්…. සාමාන්‍ය පෙළ ඉවර වෙච්ච ගමන් උපකාරක පංති. අපිට පාසල් පටන් ගන්නකොටනම් ටිකක් කල් ගියා, සුනාමි කේස් නිසා. කොහොමහරි ඉතිං මුල් කාලෙ කිසි අවුලක් නැතුව වැඩේ කරගෙන ගියා. පහු වෙනකොට රසානය විද්‍යාව කේස් වෙන්න පටන් ගත්තා. අන්තිමට එපාම වුණා. මාත් එක්ක හිටපු අනිත් උන්ටත් ඒ ආනිසංසෙම තමයි. කොහොම වුණත් අපේ පංතියනම් ෆුල් ආතල්. උගන්නපු ගුරුවරුත් එහෙමයි, අපිත් එක්ක ෆුල් ෆිට්. අපේ පංතියට කිව්වෙ “විප්ලවකාරීන්ගේ පංතිය” කියල. ඒ නම පටබැඳුනෙ එක්තරා සිද්ධියක් නිසා, ඒක වෙනම කතාවක්. කොහොම වුණත් ඒ සිද්ධියෙන් පස්සෙ අපේ උන් මාර ෆිට්. ඒ කාලෙ ඉංගීසි පීරියඩ් එකේ මම පරිගණක විද්‍යාගාරෙ තමයි. සමහර දවස් වලට විවේක කාලෙත් ඒකෙ. කෑමත් නෑ. කෑම  එක වෙන උන්ට. හැබැයි ඉතින් පැනල ගිය උන් අල්ලන්න නාම ලේඛනය ලකුණු කරනව කියල කියල අපේ එකෙක් ඇවිල්ල පණිවිඩේ කිව්වොත් මම පංතියට යනවා. අන්තිම කාළෙ වෙනකොට එහෙම යන්නෙත්  නෑ. සර්ලා 1 දානව. පුස්තකාල පීරියඩ් එකෙ ගිහින් කියවන්නෙ පරිගණක පොත්, මිසුත් මම පුස්තකාලෙට යනකොටම පරිගණක පොත් රාක්කෙ යතුර දෙනව. හැබැයි අන්තිම කාලෙනම් දුන්නෙ නෑ. කොහොම වුණත් පසල් ජීවිතේ තිබුණු හොදම කාලෙ තමයි ඒ අවුරුදු දෙක. දැන් ටික ටික විභාගෙත් කිට්‍ටුයි. දැන් තමයි රත් වෙලා පාඩම් කරන්නෙ. මේසෙ, ඇඳ උඩ පුරාම පෙත් නිබන්ධන. පිස්සු වගේ. අන්තිම මාස දෙකේ විතර මමත් එක්ක තව යාළුවො තුන්දෙනෙක් ස්ට් වුණා පාඩම් කරන්න. ඒක නම් මරු පාඩම් කිරිල්ල, දැන් නම් මතක් වෙනකොටත් හිනා. සෙට් උනේ මලින්තලගෙ ගෙදර (සිංහල බ්ලොග් ලියන මලින්ත නෙමේ 😀 ). ගෙදර තියෙන්නෙ ගාල්ලෙ කොටුව ඇතුලෙ. අනිත් උන් දෙන්නා බුද්ධියි ශානකයි. 6ට විතර තමයි වැඩේ පටන් ගන්නෙ. 8ට විතර හොදට කනව. ඊට පස්සෙ 10 විතර වෙනකම් ආපහු වැඩ. ඊට පස්සෙ ඉතිං FM නාලිකා වල සින්දු අහනව. ඒ කාලෙ ඇහුවෙ ඇසුර. අපි ඉතින් පුරුද්දක් වශයෙන් හැමදාම සින්දුවක් ඉල්ලල කට්ටිය හැමෝගෙම නම් ගුවන්ගත කරනව. FM නාලිකාවකට කියල නම කියවගන්න එක සෙල්ලම් වැඩක්ද 😀 . ඊළඟට යනව කොටුවෙ ඇවිදින්න. හරි අපූරු දත්දැකීමක්. රෑ 12ට 1ට විතර ලස්සනට හද පායපු රාත්‍රියක නොනවත්වා ඇසෙන රළ බිදෙන හඩ අතරින් ගාලු කොටු පවුරේ ඇවිදීම, maxaaaaa. ඊළඟට ඉතිං සැපසේ නිදාගෙන පහුවෙනිදා පාන්දර ගෙදර බලා පාපැදි පැදීම. ඇත්තටම වැඩක් නොකෙරුනා කියන්නත් බෑ. ඊට පස්සෙ විභාගෙ ලිව්වා. ප්‍රතිඵල එනකම් ක්‍රිකට්, මුහුදෙ නෑම, හවසට හාලු කොටුවට සෙට් වෙලා සින්දු කීම වගේ දේවල් තමයි. මෙන්න ප්‍රතිඵල

සංයුක්ත ගණිතය – A

භෞතික විද්‍යාව – B

රසායන විද්‍යාව – C

ඉංග්‍රීසි – B

සාමාන්‍ය පොදු පරීක්ෂණය – 075

දිස්ත්‍රික්කයේ ස්ථානය – 140

ප්‍රතිඵල අවුල්. ආපහු මුල සිට. අපිත් එක්ක හිටපු සමහර උන් ඉංජිනේරු පීඨයට තේරුනා. මට යන්න බැරි වෙච්ච එක ගැන පොඩි දුකකුත් ඇතිවුණා, සාමාන්‍යයිනේ. පොඩිකාලෙ ඉදන්ම එකට ඉදල වෙන් වෙලා යනකොට.

දෙවැනි වර කරනකොට පළවෙනි වර වගේ කිසි ගතියක් නෑ. පාසල් යන්නෙත් නෑ නේ. ඒ කාලෙත් රෑට FM නාලිකා ඇහුවා. මෙඩිසින් තේරුනු අපේ එකෙක් (නම තීක්ෂණ) ඒ කාලෙ max FM එකේ වැඩසටහනක් කරා. මිනිහා ඒක කලේ රෑ 11ට විතර. අපි ඉතිං එතකන් වැඩ කරනව, තීක්ෂණයගෙ කටහඩ අහන්න එපැයි 😉 ඒ කාලෙ ගැන වෙන විශේෂයෙන් කියන්න තරම් දෙයක් මතක් වෙන්නෙ නෑ. දෙවෙනි වර විභාගෙ ලිව්වා, මෙන්න ප්‍රතිඵල

සංයුක්ත ගණිතය – A

භෞතික විද්‍යාව – A

රසායන විද්‍යාව – A

ඉංග්‍රීසි – A

සාමාන්‍ය පොදු පරීක්ෂණය – 077

දිස්ත්‍රික්කයේ ස්ථානය – 38

ගොඩ. අම්මට, තාත්තට, නංගිට, ගුරුවරුන්ට හැමෝටම මාර සන්තෝෂයි. අදත් සමහර අපේ උන් තුන්වන වර විභාගය කරන්නත් සූදානම් වෙනව. ඉස්සෙල්ලා මට දැනුනා වගේම පුංචි දුකක් උන්ටත් දැනෙනව ඇති. මේ පාර කැම්පස් යන්න තේරුනු අපේ උන් සෙට් වුනහම කතා කරන්නෙ කැම්පස් යන්න නොතේරුනු උන් ගැන. පොඩි කාලෙ ඉදන් එකට ඉදල අපිත් එක්ක යන්න නොඑන උන් ගැන අපිට දුකයි. මේ වගේම දුකක් කලින් වර කැම්පස් ගියපු අපේ උන්ටත් දැනෙන්න ඇති. එහෙම බැලුවහම මේ ප්‍රතිඵල වලින් සන්තෝෂ වෙනවයි කියල කියන්නමත් බෑ. ඒ සන්නෝෂය ඇතුලෙ සියුම් දුකකුත් තියෙනව ………………..


ඩයලොග් ගෙනෙනා Budget SMS

Budget SMS කියන්නෙ ඩයලොග්ලගෙ අලුත් වැඩක්. D2D SMS රු. 0.5 (+ බදු). කරන්න තියෙන්නෙ SMS එක ලැබෙන අංකය ඉදිරියෙන් “10” එක් කරල යවන එක (උදා: 10077*******). හැබැයි පණිවිඩයේ යවන්න පුළුවන් අකුරු 100යි. ඉතුරු 60 ට සේවාදායකයන්ගෙ වෙළඳ දැන්වීම් එක් කරනව. නරක නෑ වැඩේ. තව දෙයක් මේක සහය දක්වන්නෙ සාමාන්‍ය පණිවිඩ සඳහා පමණයි (normal text message). දවසකට යවන්න පුළුවන් පණිවිඩ 10ක් පමණයි.

මේ අයත් දැන් ගූගල් අනුගමනය කරනවා වගේ. කාලෙකට ඉස්සර ගූගල්ලගෙත් ජංගම දුරකථනය නොමිළේ දීල එහි වෙළඳ දැන්වීම් පෙන්වන ක්‍රමයක් සාකච්ඡා මට්ටමේ තිබුනා. ඒක ක්‍රියාත්මක වුණාද කියලනම් මම දන්නෑ.

කොහොම වුණත් අන්තිමේදී ගාණත් අඩුයි අකුරුත් අඩුයි. හැබැයි ගාණ අඩු වෙච්ච තරමටම අකුරු අඩු වෙලා නෑ. 😀


රිච්මන්ඩ් විද්‍යාලයීය නිදහස් හා විවෘත කේත මෘදුකාංග වැඩමුළුව

මේක ඊයෙම (27) ලියන්න ඕන එකක්, ඊයෙ බැරිවුන නිසා අද ලියනව. ඊයෙ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේදී නිදහස් හා විවෘර මෘදුකාංග වැඩමුළුවක් පැවැත්වුණා. සංවිධානය කරල තිබුනෙ විද්‍යාලයීය Rich Linux User Group එක මගින්. සම්බන්ධීකරණය බන්දුල සර් ගෙන්.

වැඩසටහන පටන් ගත්තෙ උදේ 7:30ට. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු, ඩනිෂ්ක අයිය, මම, සීජේ, චානුක්ස්, බන්දුල සර් අපි හැමෝම ඇවිල්ල හිටපු මල්ලිල ටික දැනුවත් කරා. ඔක්කොම 70ක් විතර හිටිය, IT Club එකේ ඉන්න අය නිසා කට්ටියම ඉතාම ආශාවෙන් අහගෙන හිටිය. වැඩසටහන ඉවර වෙනකොට දවල් 2 විතර වුනා.

මගේ ජංගම දුරකථනයටනම් මේ දවස් වල නිවනක් නෑ. වැඩසටහනට ආපු මල්ලිල ඇමතුම් අරගෙන “අයියෙ මේක කරන්නෙ කොහොමද, install කරද්දි error එකක් ආව” මේ වගේ දේවල් කියනව. හරිම සතුටුයි. අපි කියපු දේ ඒගොල්ලො අතරට ගිහින් තියෙනව, ඒව අත්හදා බලල තියෙනව.

රිච්මන්ඩ් විද්‍යාලය මම පොඩි කාලෙ ඉදන්ම ඉගෙන ගත්ත පාසල. ඉතින් මගේ පාසලේ මල්ලිලාට ආදි ශිෂ්‍යයෙක් හැටියට යමක් කියල දෙන්න ලැබිච්ච එක මට ලැබුනු භාග්‍යයක් සහ සතුටක්. විද්‍යාලයීය IT Club එකට, භාර ගුරු මහත්ම මහත්මීන්ට, බන්දුල සර්ට සහ ඔහුගේ පාසලින් පැමිණ සිටි මල්ලිලාට, දේශන පැවැත්වූ සැමට සහ සහභාගී වූ මල්ලිලාට මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය දැක්වීම පිළිබඳව මාගේ ප්‍රණාමය පුද කරනව.

වැඩසටහන ඉවර වෙලා පාසල් භූමියෙන් නික්මෙන විට පොඩි මල්ලිලාගේ ඉල්ලීමට බෑ නොකිය ඡායාරූප ගත් ඩනිෂ්ක අයියට ඔවුන් වෙනුවෙන් ස්තුතියි.

වැඩසටහනේ පිංතූර ටික මෙතනින් බලන්න.


ෆේස්බුක් යන සිංහල පොත්

මේක ෆේස්බුක් වල ගිෆ්ට් ක්‍රියේටර් භාවිතා කරල හැදුවෙ. සිංහල යුනිකෝඩ් භාවිතා කරලත් තියෙනව. වැඩසටහනේ ආරාධනාවෙදි නම් (Application invitation) ෆොන්ට් එක රෙන්ඩර් වීමේ ගැටළු තියෙනව. මම ෆේස්බුක් එකට මේල් එකක් දැම්ම ඒක ගැන කියල, තාම පිළිතුරක් නෑ. වැඩසටහන් නාමාවලියට (Application Directory) නම් දැම්මා. දැනට පොත් 32ක් එක් කරල තියෙනව, ඉදිරියේදි තව එක් කරන්න බලාපොරොත්තු වෙනව. ෆේස්බුක් පාවිච්චි කරන අය පාවිච්චි කරල බලන්න.

මෙන්න ඈඳුම (link) සිංහල පොත්


වර්ගීකරණය

ඊයෙ දුම්රියෙන් කොළඹ යනකොට මට හරි අපූරු දෙයක් හිතුන. සෑම දුම්රිය ස්ථානයකම ඉන්න මගීන්ගේ මුහුණුවර අනුව ඔවුන්ව වර්ගීකරණය කරන්න පුළුවන් කියල මට හිතුන. මෙහෙම වර්ගීකරණය කළොත් එහි වර්ග පනහක් විතර තිබේවි. එක වර්ගයක අයගෙ මුහුණුවර වල පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් ඒ මුහුණුවර වල හරය ගත්තහම ඔවුන් එකම වර්ගයක් කියල සලකන්න පුළුවන්. මේක හරියට නිව්ලන්ඩ්ස් ගෙ අෂ්ඨක වර්ගීකරණය වගේ කියල කෙනෙකුට හිතේවි (නිව්ලන්ඩ්ස් කිව්වෙ එවකට සොයාගෙන තිබූ මූලද්‍රව්‍ය ඒවායේ ස්කන්ධ ක්‍රමාංකය වැඩි වෙන පිළිවෙලට ලැයිස්තු ගත කරහම සෑම මූල ද්‍රව්‍ය අටකට වරක් හමුවන මූලද්‍රව්‍ය වල ගුණ සමාන බවයි). ඒ කාලෙ විද්‍යාඥයින් මේ අදහසට හිනා වුණා. නමුත් මූල ද්‍රව්‍ය වල ගුණ ආවර්තීයව විචලනය වන බවට ඉගියක් මේකෙන් ලැබුණා. ඒ කොහොම වුණත් මගේ මේ අදහසින් මම එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒත් හිනාවෙනවනම් හිනාවෙන්න. මගේ කිසිම තරහක් නෑ. මේක ටිකක් විකාර අදහසක් කියල හිතේවි. ඔව්, මම ලිව්වෙ මට හිතෙන දේ …….


මොඩම් රවුටර් හුටපටය…

මම පාවිච්චි කරන්නෙ උබන්ටු. මම අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නෙ ZXDSL 852 මොඩම් එක හරහා.

අද මම රවුටර් එකක් සම්බන්ධ කරල අන්තර්ජාලයට සම්බන්ධ වුණා. ඊට පස්සෙ මොඩම් එක සම්බන්ධ කරල බලනකොට සම්බන්ධතාවය තියෙනව ඒත් වෙබ් පිටු බලන්න බෑ. මම ubudsl පැකේජ් එකත් ආපහු ස්ථාපනය කරල බැලුව. ඒත් වැඩේ හරි යන්නෙ නෑ. ඊට පස්සෙ මම ඩනිෂ්ක අයියට කථා කරල බැලුව. එතකොටයි වැඩේ තේරුණේ. DNS එක වෙනස් වෙලා. මට කොහොමත් ඔය නෙට්වර්කින් ගැන එච්චර දැනීමක් නෑ. පස්සෙ මම ස්ටෙෆාන්ගෙන් DNS ඇඩ්‍රස් ඉල්ල ගත්ත ඒව දැම්මට පස්සෙ වැඩේ ගොඩ.

අද ගෙදර ඉන්න දවසෙ පැයක් විතර අන්තර්ජාලයට සම්බන්ධ නොවී ඉන්න වුණාට මොකද අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුණ. ඒක ලොකු දෙයක් ………