Category Archives: ජාවා

ජංගම දුරකථන සඳහා ජාවා ඝනක යන්ත්‍රය

මේ තමයි මගේ අලුත්ම ජංගම දුරකථන සඳහා වූ ජාවා වැඩසටහන. ඇත්තටම මේක ඝනක යන්ත්‍රයක්, මම මේක නම් කරේ “Kalk” කියල. මේක සාමාන්‍ය ඝනක යන්ත්‍රයකට වඩා ටිකක් වෙනස්. මූලික ශණිත කර්ම වලට වඩා මෙහිදී මූලිකත්වය දීල තියෙන්නෙ සයින, කෝසයින, ලඝු, ප්‍රති ලඝු ආදිය ගණනය කිරීමටයි.

මම මේ වැඩසටහන සංවර්ධනය කරේ NetBeans IDE එක භාවිතා කරල. තවත් විශේෂ දෙයක් කියන්න ඕන. ඒ තමයි මෙහි භාවිතා වන ලඝු ආදිය ගණනය කිරීම සඳහා වූ functions මම ලියපු ඒව නොවේ. ඒ ෆයිල් එක අන්තර්ජාලයෙන් බාගත කර ගත්තෙ (Float11.java). මේ වැඩසටහන නියම පරිදි වැඩ කිරීම සඳහා ජංගම දුරකථනයේ CLDL-1.1 සහ MIPD 2.0 තියෙන්නත් ඕන.

ඉතින්, මේ වැඩසටහන බාගත කරල, ධාවනය කරල මේ පිළිබඳ අදහස්, යෝජනා, ධාවනය වීමේදී‌ ඇතිවන ගැටළු ආදිය මට දන්වන්න. එය මේ වැඩසටහන තවදුරටත් දියුණු කීරීමට අනිවාර්යයෙන්ම උදව් වෙනව.

මෙම වැඩසටහන මෙතනින් බාගන්න