උබුන්ටු හා හූනා

ඊයෙ රෑ උබුනටු 8.10 වලට මාරු වෙන්න හිතාගෙන update manager වලින් ඇස්තමේන්තු කාලය බැලුව. පැය 6ක්. මගේ අන්තර්ජාල සම්බන්ධතාව SLT ADSL නේ. උදේ වෙනකම් ඉන්න වෙන නිසා වැඩේ අද උදේට කල් දැම්මා.

උදේ නැගිට්ට ගමන් යාවත්කාල (upgrade) වෙන්න දාල මම ගියා පොඩි වැඩ වගේකට එළියට. ආපහු එනකනුත් වැඩේ යනව (packages බානව). මොනව කරන්නද, අතින් බාල දෙන්න බෑනේ. මෙන්න ටික වෙලාවකින් ඇවිල්ල බලද්දි පරිගණකය off වෙලා. කරන්ට් එකත් තියෙනව. මම ආපහු on කරල බැලුව. සද්දයක් නෑ. ඒපාර UPS එකෙන් ගලවල කෙලින්ම ගහල බැලුව. මෙන්න ඒ පාර trip switch එක off වෙනව. Power unit එකේ ලුහුවත් වීමක් වෙන්න ඇති. ඒ පාර පරිගණකය ගත්ත තැනට ගෙනිහින් දුන්න. Power unit එකේ අලුත්වැඩියා කරන්න පුළුවන් කොටස් නෑ කියල ඒකෙ ගහලම තියෙනවනේ, ඒක නිසා බාස් වැඩ කරන්න ගියෙ නෑ. බලනකොට හූනෙක් ගිහිල්ල. ඌ උබුන්ටු දාන්න ගිහින්ද කොහේද. කොහොම වුනත් ඉතිං පවු වැඩේ. මොනව කරන්නද. ඌ අයින් කරාට පස්සෙ වැඩේ ගොඩ.

ගෙදර ගෙනැල්ල බලද්දි බාපු ගොනු ටික /var/cache/apt/archives/ එකේ තිබුන. හොඳ වෙලාවට. නැත්තම් මුල ඉදල බාන්න එපැයි. ඉතුරු ටිකත් බාල වැඩේ සම්පූර්ණයෙන් බා ගත්ත.

දැන් ඉන්නෙ උබුන්ටු 8.10 එකේ.

Advertisements

One response to “උබුන්ටු හා හූනා

  • Buddy-J

    මට හිතෙන විදියට ඔය හූනා අපේ බිල් ගේට්ස් උන්නැහේ ගේ බළල් අතක්. ඔයා උබුන්ටු 8.10 කලට යාවත්කාල කරන බව බිල් උන්නැහේට ආරංචි වෙලා, ඒ කස්ටිය සංවිධානාත්මකව තමා ඔය වැඩේ කරල තියෙන්නේ.

    ජීවන බර වැඩි වෙච්ච හූනෙක්, මරාගෙන මැරෙන ලුහුවත් කරුවෙකු ලෙස යොදාගෙන තමයි මිෂන් ඉම්පොසිබල් එක දීල තියෙන්නේ. හූනට කියන්න ඇති ඔයා මැරුණට බය වෙන්න එපා අපි ඔයා ගේ පවුල “මහාවීර පවුලක්” කරලා සියළු සැප සම්පත් දෙනව කියල.

    පොඩ්ඩක් හොයල බලන්න, ඔය ළඟම හූනො කස්ටියක් ඉන්න තැනක වින්ඩෝස් සෙවන් බීටා DVD එකක් එහෙම ඇති. තව මේ ඇමරිකාවෙන් ගෙනාපු පාන් කිලෝ ග්‍රෑම් එකක් (එහේ රාත්තල් නැහැ නේ !) එහෙමත් ඇති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: