දුම්රියේ බෝම්බ බිය

ගිය සතියෙ අඟහරුවාද (23) හවස දුම්රියට නැග්ගෙ ගෙදර එන්න. වෙනද වගේම තමයි
සෙනඟ පිරිල, සමුද්‍රෙනෙ. මම සුපුරුදු‌ පරිදි දොර ළඟට හේත්තුවක් දැම්ම,
ඇතුලෙ තෙරපි තෙරපි දාඩිය දාගෙන යනවට වඩා හුළං පාරක් වැදි වැදි යන එක
කොච්චර සැපක්ද.

බම්බලපිටියත් පහු වුණා. වැඩි දුරක් යන්න වුණේ නෑ
ඉස්සරහ පෙට්ටියේ හිටපු මිනිස්සු එක පාරටම පිටිපස්සට දුවන්න පටන් ගත්ත.
බලනකොට ඉස්සරහ පෙට්ටියක අයිතිකාරයෙක් නැති පාර්සලයක් තියෙනවලු‌. මට තරු
පෙනුණ, පාර්සලය නිසා නෙමෙයි  දුවගෙන එන සෙනඟ දැකල. දුවනව කිව්වට රේස් එකක්
වගේ දුවන්න බෑනේ, තද වෙවී ෂීට් වල වැදි වැදි නේ එන්නෙ. ඒ අතරෙ පිරිමි අය
දුම්රිය නවත්න දම්වැල අදිනව (ඒ වෙලාවෙමනන් දුම්රිය නැවතුනේ නෑ, ඒව වැඩ
කරනවද දන්නෙත් නෑ) තව කට්ටියක් කලබලෙන් දුරකථන ඇමතුම් ගන්නව. ඒ ඔක්කොටම
වඩා කාන්තා පක්ෂය මර ලතෝනි දෙනව. ඒ අය දුම්රියේ පිටිපස්සට තල්ලු විගෙන
එන්නෙත් ඕනම බාධකයක් කඩාගෙන යන්න වගේ. ඒක දැකල මගේ බය දෙගුණ තෙගුණ වුණා.
වෙලාවට පෙට්ටි ටිකක් දිගට තියෙන්නෙ නැත්තන් අද මට ලියන්න තරන් දෙයක් මතක
හිටීද කියලත් සැකයි. මම පුළුවන් තරම් දොරයි ආධාරකයයි අල්ල ගත්ත. දොරරෙන්
ඇතුලට යනකොට දෙපැත්තෙ දොරවල් ළඟ ඉන්න අයත් තද වෙනවනෙ. පා පුවරුවෙත් තව
අයියල කීප දෙනෙක් හිටිය. පූරුවේ වාසනාවකට දුම්රිය නැවැත්තුව. ඊළඟට බහින්න
කලබලේ. ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව බැස්ස නෙමේ පැන්න. මේ වගේ වෙලාවට
ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙනවනෙ. ටිකකින් දැනගත්ත පාර්සලේ අයිතිකාරය ඉන්නව
කියල. මිනිස්සු ඒ මිනිහට ඊට පස්සෙ කොහොම සැලකුවද කියලනන් මම දන්නෙ නෑ.
දුම්රිය නැවතත් ගමන පටන් ගත්ත. දැන් තදබදය වැඩියි. ආපු සමහර මිනිස්සු මම
හිටපු පෙට්ටියේම නැවතිලා, ජන ඝණත්වය වෙනස් වෙලා. ආපහු දුම්රිය රත්මලානෙ
නැවැත්තුව. මිනිස්සු ඔක්කොම බැස්සුව. පොලිස් නිලධාරීන් ඇවිල්ල දුම්රිය
සෝදිසි කරා. ප්‍රශ්ණයක් නෑ. ආපහු ගමන පටන් ගත්ත.

අවසන් ප්‍රථිඵලය
විනාඩි 45 ක් විතර ගමන ප්‍රමාද වීම. නමුත් තවත් සිද්ධියක් මීට වඩා භයානක
විදිවට අවසන් වෙන්නත් ඉඩ තියෙනව. ඒක නිසා මිනිස්සුන්ගෙ සැළකිලිමත් බව
වැදගත් ඒක අගය කරන්න ඕන. නමුත් අනවශ්‍ය ලෙස කලබල වීම නම් ඒ තරම් සුදුසු
නෑ. එක අතකින් අද රටේ ආරක්ෂක තත්වෙ හැටියට ඒකට දොස් කියන්නත් බෑ. කවදහරි
මැරෙන බව දැන දැනත් මිනිස්සු හැමදේම කරන්නෙ ජීවත් වෙන්නනේ.

කොහොම වුනත් ඒ අත්දැකීම වටිනව.

Advertisements

4 responses to “දුම්රියේ බෝම්බ බිය

  • Madhuranga

    චහ් මාර අත්දැකීමක්….. මාත් දවසක් power unit එකක් අරන් ගෙදර එද්දි පොලීසියෙන් බස් එක නැවැත්තුවා…. වයර් ගොඩ දැකලා මාව අල්ලගත්තා…. පස්සෙ ඉතින් පරිගණක පාඩමක් කියලා දීදා බිලත් පෙන්නලා තමයි බේරුණේ…..

  • ඩනිෂ්ක

    දුමරිය ආරක්‍ෂාව නම් අපි සරලව කියන පරිදි ගොන් පාට් එකක්.
    මොකද දෙහිවල බොම්බයෙන් පස්සේ හැම මන්දගාමි දුම්රියක්ම දදෙහිවල නවත්වා බලන්නට පටන්ගත්තා.

    මෙකනේ වැඩ්.. මෙම දුම්රිය සියල්ල දුම්රිය වේදිකාවට වඩා දිගෙන් වැඩියි. ඉතින් දුම්රිය දෙපාකටයි පරික්‍ෂා කරන්නේ.
    මුලින් වේදිකාවට සම්බන්ධවන පෙට්ටි බලලා, පස්සේ යළි දුම්රිය ටිකක් ඉස්සරහට ගෙන ඉතුරු ටික බලනවා.

    අනේ පව්, කොටියෙක් ඉන්නවා නම් පොලිසිය මෙච්චර දෙයක් කරන කන් බලන් ඉදිවි. හික්…

    මෙවෙලාවට ගාල්ල දක්කා යැමට එන සීග්‍රගාමි දුම්රියක් බොහෝ විට වැල්ලවත්ත හරියේ නවත්තගෙන ඉන්නවා. මොකද ඉදිරියෙන් යන මන්දගාමි දුම්රිය නිසා එයට යන්න බැ. ඉතින් එහෙම උනාම අර සීග්‍රගාමි දුම්රියට බොම්බයක් ගෙනෙල්ලා යටින් හයි කරලත් යන්න පුලුවන්. මෙහෙමත් මෝඩයෝ.

    මීට මාසෙකට කලින් මේ කෙරුවාවත් නවත්තලා තිබ්බේ.

    තවත් එකක් සමහර අයට දුම්රිය මේනියාවක් තියෙනවා. එකිව්වේ කලුතර සහ පානදුර අයට. කොච්චර දුම්රිය තිබ්බත් රිංගන්නෙම අර මාතර හෝ ගාල්ල සිග්‍රගාමි එකට. ඉතින් සෙනග නැතැ.

    ගාලුකුමාරි (ප.ව. 1.45 මරදාන, ප.ව. 2.10 කොටුව ) ගාල්ලට පිටවත් වන මෙම දුම්රියේ සෙනසුරාදට පෙට්ටි අඩුයි, පානදුරෙන් පස්සේ කොච්චියේ ඉඩ. එත් සමහර දාට කොටුවෙන් නගින්න බැරුව මාතර යන අය හැරිලා යනවා මම දැකලා තියෙනවා.

    අනේ මන්දා කාගෙද වැරද්ද?

  • Anushka

    අපරාදෙ.. බෝම්බේ ඇත්ත එකක් උනානම් අපට බිම එකක් බොන්න තිබුන

  • නපුරා

    බීම එකක් බොන්න ඔච්චර ආස නං මං සල්ලි දෙන්නං. ඒකට මිනිහෙන්ව මරන්න ඕන නෑ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: