ඡන්දෙ නිසා උදේ පාන්දර ලේ රත් වීම

අද උදේම ගියා ඡන්දෙ දාන්න, අම්මයි තාත්තයි එක්ක. ඡන්ද මධ්‍යස්ථානය ගාල්ල, හපුගල අපේගම ප්‍රජා ශාලාව. තාත්ත ඉදිරිපත් කරේ රියදුරු බලපත්‍රය (dual purpose). ඒක බලල එතන හිටපු මහත්මිය ඒක කල් ඉකුත් වෙලාද බලනවා. ඊට පස්සෙ උප ස්ථානාධිපති ඒක ස්ථානාධිපතිට ගිහින් දුන්න. ඒක බලල ඒ මිනිහා කියනව ඒක expire වෙලාලු. ඊට පස්සෙ තාත්තා කිව්වා මේක dual purpose license එකක්, ඒක නිසා මේක කොහොමද expire වෙන්නෙ කියල. ඒත් මේ මිනිහා කියනව මේක expire වෙලා, ඒක නිසා ඡන්දෙ දාන්න දෙන්න බැරිලු. ඊළඟට ඇහුවා NIC එක නැද්ද කියල. තාත්ත කිව්වා NIC එක නම් නෑ රාජකාරි හැඳුනුම්පත නම් තියෙනව කියල. රාජකාරි හැඳුනුම්පතෙන් ඡන්දෙ දාන්න දෙන්න බැරිලු. (ඒ අතරෙ මම ඡන්දෙ දාල එළියට ආවා, අම්මා තාම පෝළිමේ) ඒ පාර ස්ථානාධිපති එතන හිටපු මිනිස්සුන්ගෙන් (රාජකාරි සඳහා හිටපු) අහනව මෙයා ඡන්දෙ දානවට කවුරුවත් විරුද්ධද කියල. ඒ පාර තාත්තට කේන්ති ගියා.

තාත්තා : ඔබතුමා කොහොමද මට ඡන්දෙ දාන්නද එපාද කියල මේ මිනිස්සුන්ගෙන් අහන්නෙ, මේක මගේ ප්‍රජා අයිතියක්.

(තාත්ත ඊට පස්සෙ රියදුරු බලපත්‍රය බැලුවා)

තාත්තා : ඔබතුමා මට පෙන්නන්න මේකෙ කොහේද expire date එකක් තියෙන්නෙ කියල.

(ස්ථානාධිපති ඔහුගේ රියදුරු බලපත්‍රය පෙන්නන් හදනව)

ස්ථානාධිපති : මේ බලන්න…

තාත්තා : නෑ නෑ මට ඔයාගෙ එකෙන් වැඩක් නෑ. මෙතන ප්‍රශ්ණෙ තියෙන්නෙ මගේ license එකේනේ. ඔබතුමා මට පෙන්නන්න මේකෙ කොහේද expire date එකක් තියෙන්නෙ කියල.

ස්ථානාධිපති : සමාවෙන්න මහත්තය අපි අතින් වැරදීමක් වුණේ.

(license එකේ තියෙන්නෙ Date of issue)

ඊට පස්සෙ තාත්තා පාරටත් ඇහෙන්න අර මිනිහට බැන්න. එතන තව ඡන්ද දායකයො හිටිය, රාජකාරි සඳහා ආපු මිනිස්සු හිටියා, පොලිසියේ මහත්වරු හිටිය. තාත්තා අර මිනිහට බනින වෙලාවෙ ඒ කවුරුවත් මොනවත් කිව්වෙ නෑ. කියන්න බෑ නේ. වැරැද්ද අර මිනිහගෙනේ. මිනිස්සු අතින් වැරදි වෙනව ඒක ඇත්ත. ඒත් අර මිනිහා ස්ථිරවම කිව්වෙ licence එක expire වෙලා කිව්වා, එක පාරක් නෙවේ දෙපාරක්ම.

තාත්තා : ඔබතුමාට ඉංග්‍රීසි බැරිනම් ඉගෙනගෙන එන්න, සිංහල බැරිනම් සිංහලත් ඉගෙනගන්න, නැත්නම් මේ වාගේ රාජකාරි වලට නෑවිත් ඉන්න, ඔබතුමා උත්සහ කරේ මගේ ප්‍රජා අයිතියක් අහෝසි කරන්න.

ස්ථානාධිපති : නෑ මහත්තයො. මම කවදාවත් එහෙම කරන මිනිහෙක් නෙවේ. මම උත්සහ කරන්නෙ කොහොමහරි මිනිස්සුන්ට ඡන්දෙ දාන්න දෙන්න.

(ඒ උත්සාහය මම සියැසින් දැක්කෙමි. ඒ ගැන කතා අවශ්‍ය නැත.)

තාත්තා : කතා කරන්නෙපා. මට ඔබතුමාගෙ සම්පූර්ණ නමයි, රාජකාරි ලිපිනයයි, පුද්ගලික ලිපිනයයි දෙන්න

තාත්ත ඒ මිනිහගෙ විස්තර ඔක්කොම ඉල්ල ගත්ත. අපේ තාත්තත් 1989 ඉදන් මැතිවරණ රාජකාරි කරල තියෙනව. ඒක නිසා තාත්ත මැතිවරණය සම්බන්ධ නීති රීති ගැන දැනුවත්.

තාත්ත රජයේ රැකියාවක් කරන ගමේ වැදගත් විදියට ජීවත්වෙන මනුස්සයෙක්. එහෙම මනුස්සයෙක් expire වෙච්ච driving license එකකින් ඡන්දෙ දාන්න ආව කියල කිව්වොත්. අනිත් තව කෙනෙකුට ඔය කතාව කිව්වොත් ඒ මනුස්සය කරබාගෙන ඡන්දය නොදා යන්නත් ඉඩ තියෙනව. එහෙම බැලුවොත් මේක තනිකරම ප්‍රජා අයිතිය අහෝසි කිරීමක්.

මේ වගේ හාල්පාරුවො හින්ද තමයි මේ රට දියුණු කරන්න බැරි.

(මේ post එක ලියන්නෙ ටිකක් ලේ රත් වුණු වෙලාවක, ඒක නිසා වාක්‍ය නොගැළපීම් රළු වචන එහෙම තියෙන්න පුළුවන්, ගණන් ගන්න එපා)

About these ads

14 Responses to “ඡන්දෙ නිසා උදේ පාන්දර ලේ රත් වීම”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: