….. ඊයේ අද සහ හෙට …..

අන්තිමට බ්ලොග් එක ලියල තියෙන්නෙ ඔක්තෝබර් 15. අපොයි දැන් මාස දෙකකටත් වැඩියි. ඒක නිසා මේ පෝස්ට් එකේ එදා සිට අද දක්වා වෙච්ච වැදගත් දේවල් ටිකක් ලියන්න හිතුණා.

මුලින්ම කියන්න ඕන අපේ mid semester exam එක ගැන. මැත තමයි මුලින්ම තිබුණෙ. කතා කරල වැඩක් නෑ. මලේ මල. හැබැයි ලකුණු නම් තියෙනව :-) . හේතුව ලකුණු කීපයක් නිකන් එකතු කරල ;-) . නැත්තන් වැලේ වැල් නෑ. අනිත් ඒවා ඒ කිව්වෙ materials, C programming සහ Mechanics නම් එච්චර අවුලක් නෑ. කොහොමින් කොහොමින් හරි ඒකත් ඉවර වුණා.

ඒ සන්තෝසෙටත් එක්ක අපේ බෝඩිමේ සෙට් එක සෙට් වෙලා ගියා ට්‍රිප් එකක්. ගියේ හෝර්ටන් තැන්න සහ බදුල්ලෙ. නොවැම්බර් 20 සිකුරාදා රෑ 8යි ගානට කොටුවෙන් තියෙන බදුල්ලෙ කෝච්චියේ තමයි ගමන යන්න පිටත් වුණේ. කෝච්චියේ ගමන නම් ෆුල් ෆන්. පස්සෙන්දා ඔහිය ස්ටේෂමෙන් බහිනකොට උදේ 5 විතර වුණා. එතන තිබුණු කඩෙන් උදේට සප්පායම් වෙලා කට්ටියම හෝර්ටන් තැන්න බලා ගමන් ආරම්භ කලා. ගියේ පයින්. ඔහිය ස්ටේෂන් එක ළගින් නැගල ටික දුරක් යනකොට කෙටි පාරක් හම්බෙනව කැළේ මැදින් යන්න. ඒකෙන් යනකොට 1.5km විතර අඩු වෙනවලු. අපි යනකොටයි එනකොටයි ගියේ ඒ පාරෙන්. මුලින්ම ගියේ පුංචි ලෝකාන්තය බලන්න. ඊට පස්සෙ ලෝකාන්තය, බේකර්ස් ඇල්ල, Governer’s pool බලාගෙන ආපහු ආවා. හවස 4:30 ට බදුල්ලට යන කෝච්චිය අල්ල ගන්න ඕන නිසා ටිකක් ඉක්මනට බහින්න වුණා. ඔහිය ස්ටේෂමට ආවට පස්සෙ තමයි දැනගත්තෙ කෝච්චිය ටිකක් පරක්කුයි කියල. ටිකක් කිව්වට ඒක ආවෙ 6ට විතර.  වෙලාවට වැස්සෙ නැත්තෙ. ඊට කළින් දවස් වල දිගටම වැහැල. කොහොමහරි කට්ටිය ඒ වෙනකොට 33km විතර පයින් ඇවිදල :-) . ඒ අතරෙ අපේ යාළුවෙක්ගෙ සෙරෙප්පු දෙක කැඩුනා. ඔහියෙ සෙරෙප්පු දෙකක් ගන්න හෙව්වහම කිව්වා තව 10km විතර යන්න ඕන කියල. හපොයි මෙහේ මිනිස්සු කොහොම ජීවත් වෙනවද මංදා. ඔහියෙ ටවුන් එකටම තියෙන්නෙ කඩ දෙකයි, ස්ටේෂමයි, එක බස් එකයි (එහෙම තමයි අපි තේ බීපු කඩේ අයිතිකාර මහත්මය කිව්වෙ). කෝච්චියේ බදුල්ලට යනකොට නම් අවට සුන්දරත්වය එච්චර පෙනුනෙ නෑ, කළුවරයිනේ. ඔහියයි ඉදල්ගස්හින්නයි අතර තමයි ලංකාවෙ දුම්රිය මාර්ගයේ වැඩිම බිංගෙවල් ගානක් තියෙන්නෙ. දෙමෝදර ස්ටේෂම පහු වුණාට පස්සෙ දුම්රිය මාර්ගය යන්නෙ ස්ටේෂමට යටින්. තව….. ආහ්…. පටිටිපොළ තමයි ලංකාවෙ උසම දුම්රිය ස්ථානය. එදා රෑ නැවතුනේ බදුල්ලෙ පන්සලේ විශ්‍රාම ශාලාවෙ. පහුවෙනිදා උදේ 5.45 කෝච්චියේ ආපහු එන්න පිටත් වුණා. අප්පේ වට පිටාවෙ ලස්සන කියල නිම කරන්න බෑ. හැම කෙනෙක්ම මේ ගමන ගිහින් ඒ ලස්සන සියැසින් විදින්න ඕන කියල තමයි මට හිතෙන්නෙ.

මේ තියෙන්නෙ දෙමෝදර ස්ටේෂමේදි ගත්ත පින්තූර දෙකක්. තව කෝච්චියත් එකක් තිබුණු පෝස්ටරයක් තිබුණා. ඒක දැක්කෙ කෝච්චියට ආපසු නැග්ගට පස්සෙ ;-)

ට්‍රිප් කතා ඉවරයි. ආයිත් කැම්පස් කතා. අපේ semester end exam එක ඉවර වෙලා තියෙන june term එකට තාක්ෂණික නොවන විෂයන් තෝරගන්න කියල තිබුණෙත් mid එක ඉවර වෙච්ච කිට්ටුවමයි. මම තෝරගත්තෙ ඡායාරූපකරණය :-) . තව භාවනාව, ඉවුම් පිහුම්, ශාරීරික යෝග්‍යතා වගේ විෂයනුත් තිබුණා. ඡායාරූපකරණයට පොඩි පහේ ආසාවක් තියෙන නිසා ඒක තෝර ගත්තා. දැන් තමයි සතුටුදායකම ආරංචිය. අපේ ඩ්‍රෙස් කෝඩ් අයින් කරානේ. දැන් ෆුල් ෆ්‍රී. අප්පේ දැන් තියෙන සැහැල්ලුව කියල වැඩක් නෑ. දැන් තමයි කැම්පස් ජීවිතේ පොඩි ගතියක් තේරෙන්නෙ ;-) . පහුගිය සති කීපයේම වැඩ වැඩ වැඩ. මැත assignment, How to buy a PC assignment, C programming quiz. දැන් නම් ඒ ඔක්කොම ඉවරයි. 23න් පස්සෙ කැම්පස් ආපහු පටන් ගන්නෙ 4. එදාට අපේ semester end exam පටන් ගන්නව. එදා ඉදන් 11 එනකම් විභාගෙ. ඒ අනිත් එක. මේ සැරේ එක semester එකෙන් field කඩන නිසා පීඩනය වැඩියි. එහෙමෙයි කියල පාඩම් කර කරම ඉන්න බෑ නේ ;-) ඒක නිසා පෙරේදයි ඊයෙයි පුස්තකාලයෙන් ගත්ත ගුණදාස අමරසේකර මහත්මයගෙ රතු රෝස මල කෙටි කතා පොත කියෙව්වා :-) . ඒකෙ තියෙන “බයිසිකලය” කියන කෙටි කතාව අපිට 11දි සාහිත්‍ය පොතේ තිබුණා. හැබැයි මුල් කතාවෙ තියෙන අන්තිම පරිච්ඡේදය අපිට තිබුණෙ නෑ. ඒක මෙහෙමයි,

එදින ඔහු ආපසු ආවේ මැදියම් රැයද පසුවූ පසුය. මෙතෙක් කිසිදිනක මත්පැන් දෙතොලක නොතිබූ ඔහු ඉන්පසු සිහි නැතිවන තුරු බීමට පටන් ගත් බව ගමෙහි ආරංචි විය.

සමහර විට මේක අපිට අයින් කරන්න ඇත්තෙ මත්පැන් ගැන සඳහන් වෙන නිසා වෙන්න ඇති ;-)

ඒ අතරෙ Fedora 12 ආවනේ. ඉතිනෙ DVD එකක් හොයාගෙන තිබුණු Fedora 11 upgarde කළා. කටිටය කියන්නෙ නම් F12, F11 තරම් ස්ථාවර නෑ කියල. මට නම් දැනට එහෙම අවුලක් නෑ. කිසි අවුලක් නැතුව upgrade කරන්නත් පුළුවන් වුණා :-) ඊයෙ ගෙදර එනකොට Ubuntu 9.10 මටත් කලින් ගෙදර ඇවිල්ලා. එක පාරක් boot කරල බැලුවා. අවුලක් නෑ. ඒත් තාම හරියට බලන්න බැරි වුණා.

අද අපිට විශේෂ දවසක්. අපිට කිව්වෙ සිංහල බ්ලොග් ලියන්නන්ට, කියවන්නන්ට … අද SBU කටිටයගෙ පළමු හමුව. ඊයෙ අවශ්‍යතාවයක් නිසා ගෙදර එන්න වුණ නිසා මට නම් සහභාගී වෙන්න බැරි වුණා, ඒ ගැන නම් දුකයි. අද උදේ tweets වලින් කියවුණේ හුඟක් අය සහභාගි වෙන බව. ඉතින් මේ වගේ අවස්ථාවක් සංවිධානය කිරීම ගැන මේ අවස්ථාවේ සංවිධායකයින්ටත්, සහභාගී වූ හැමටමත් ස්තුති කරන්න කැමතියි.

අද පෝස්ට් එක දිග වැඩිද මංදා. මේක වෙන්න ඇති මම ලියපු දිගම පෝස්ට් එක. පේන හැටියට ආයිත් ලියන්න වෙන්නෙ නම් end එකෙන් පස්සෙ තමයි.

About these ads

4 Responses to “….. ඊයේ අද සහ හෙට …..”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: